ලංකාවේ කෙල්ලො දිනලා අමාරු තැනට යයිද – පැරදිලා පහසු තැනට යයිද?

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 07, කොළඹ (LNW): අද ලෝක කුසලාන විස්සයි විස්ස කාන්තා තරගාවලි‍යට සුදුසුකම් ලැබ්මේ වටයේ අවසාන තරගය.ඒ සඳහා සුදුසුකම් ලබලා ඉන්නෙ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය.මේ කණ්ඩායම් දෙකම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මූලික වටයේ දී එක කාණ්ඩයකින් තරඟ වැදුණා.එහිදී ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.ඒකත් පහසු ජයක්.


එහෙම කියලා අවසාන තරගයක් පහසුවට ගන්න බැහැ.හැබැයි මේ අවසාන තරගයේ අපහසුය සහ පහසුව තීරණය වෙන්නෙ තරගයේ ප්‍රතිපලයට පස්සෙ හම්බවෙන ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය තුළයි.
මෙහි ජයග්‍රහණ එහි ස්ථානගත වෙන ආකාරයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ජයග්‍රාහකයාට හමුවන්නෙ වැඩියෙන් අපහසු සහ දක්ෂයින් සිටින කොටසයි.දෙවැන්නාට ඊට වඩා පහසුවෙන් හුස්ම ගැනීමට ඉඩක් තියෙන තැනක් සූදානම් වෙනවා.එම කොටස ශ්‍රී ලංකාව වැනි කණ්ඩායමකට ස්කොට්ලන්තයට වඩා පහසු තැනක්වෙන බව නිසැකයි.


ඒත් ලෝක කුසලානය දිනන්නනම් මේ තරගාවලියේ හැම කණ්ඩායමකටම වඩා ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටිය යුතු වෙනවා.ඒ නිසා චමරි ඇතුළු සේනාව අද තරගයත් ජයගෙන ලෝක කුසලානයේ ප්‍රබලම කණ්ඩායම් මුලදිම පරාජය කරලා අවසාන වටය වඩාත් පහසුවෙන් ජයගන්න කල්පනා කරයි කියන එකයි අපේ විශ්වාසය.


අපි ශ්‍රී ලංකාවට සුභ පතමු!

ලෝක කුසලාන තරග කාල සටහන

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...