ලංකාවේ කෙල්ලො දිනලා අමාරු තැනට යයිද – පැරදිලා පහසු තැනට යයිද?

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 07, කොළඹ (LNW): අද ලෝක කුසලාන විස්සයි විස්ස කාන්තා තරගාවලි‍යට සුදුසුකම් ලැබ්මේ වටයේ අවසාන තරගය.ඒ සඳහා සුදුසුකම් ලබලා ඉන්නෙ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය.මේ කණ්ඩායම් දෙකම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මූලික වටයේ දී එක කාණ්ඩයකින් තරඟ වැදුණා.එහිදී ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.ඒකත් පහසු ජයක්.


එහෙම කියලා අවසාන තරගයක් පහසුවට ගන්න බැහැ.හැබැයි මේ අවසාන තරගයේ අපහසුය සහ පහසුව තීරණය වෙන්නෙ තරගයේ ප්‍රතිපලයට පස්සෙ හම්බවෙන ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය තුළයි.
මෙහි ජයග්‍රහණ එහි ස්ථානගත වෙන ආකාරයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ජයග්‍රාහකයාට හමුවන්නෙ වැඩියෙන් අපහසු සහ දක්ෂයින් සිටින කොටසයි.දෙවැන්නාට ඊට වඩා පහසුවෙන් හුස්ම ගැනීමට ඉඩක් තියෙන තැනක් සූදානම් වෙනවා.එම කොටස ශ්‍රී ලංකාව වැනි කණ්ඩායමකට ස්කොට්ලන්තයට වඩා පහසු තැනක්වෙන බව නිසැකයි.


ඒත් ලෝක කුසලානය දිනන්නනම් මේ තරගාවලියේ හැම කණ්ඩායමකටම වඩා ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටිය යුතු වෙනවා.ඒ නිසා චමරි ඇතුළු සේනාව අද තරගයත් ජයගෙන ලෝක කුසලානයේ ප්‍රබලම කණ්ඩායම් මුලදිම පරාජය කරලා අවසාන වටය වඩාත් පහසුවෙන් ජයගන්න කල්පනා කරයි කියන එකයි අපේ විශ්වාසය.


අපි ශ්‍රී ලංකාවට සුභ පතමු!

ලෝක කුසලාන තරග කාල සටහන

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...