*
Friday, May 23, 2025
spot_img

Latest Posts

ආදරවන්තියගේ ගෙදර ගිය පෙම්වතා සති 2කට පසු පෙට්ටියෙන් ගෙදරට!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 07, කොළඹ (LNW): සති දෙකක පමණ කාලයක් තිස්සේ අතුරුදන්ව සිටි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සුසිත් ජයවංශ තරුණයාගේ මළසිරුර හලාවත මාදම්පේ කැලෑබද ප්‍රදේශයක තිබී පොලීසිය විසින් අද(07) දින සොයා ගෙන ඇත.

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම තරුණයා සිය පෙම්වතියගේ නිවසට ගොස් යළි නිවසට නොපැමිනීම හේතුවෙන් පොලීසියට පැමිණිලි කර තිබුණු අතර, දින 12කට වැඩි කාලයක් තරුණයා සෙවීම සම්බන්ධයෙන් මෙහෙයුම් සිදුකෙරුණු අතර පෙම්වතිය ඇතුළු නිවසේ සාමාජිකයින් ද එම ප්‍රදේශයෙන් පලාගොස් තිබුණු බවද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අඛණ්ඩව පරීක්ෂණ සිදුකළ අතර ඒ අනුව තරුණයාගේ සිරුර හලාවත මාදම්පේ කැලෑබද ප්‍රදේශයක තිබී හමුවී ඇත.

සුසිත් ජයවංශ නමැති 31 හැවිරිදි තරුණයාගේ අතුරුදන් වීමට සැක කෙරෙන සුජිත් ප්‍රනාන්දු නොහොත් සිඟිති නමැති ප්‍රධාන සැකකරු අධිකරණයට භාර වීමෙන් පසු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා ඊයේ (06) නියම කළ බව පැවසේ.

සැකකරු මෝසමක් මඟින් සිය නීතිඥයන් හරහා අධිකරණයට භාර වීමෙන් අනතුරුව එසේ ඇප නියම වූ බව සඳහන් වේ.

සැකකරු එසේ මෝසමක් මඟින් විවෘත අධිකරණයට භාර වීමේදී පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ සැකකරු අධිකරණය, නීතිය හෑල්ලුවට ලක්කරමින් වසන්ව සිටි බවයි. එමෙන්ම රජයේ නිලධාරීන් කාලය ශ්‍රමය කැප කරමින් දිවයිනේ සෑම ප්‍රදේශයකම සැකකරු සෙවූ බවත් මධ්‍ය මේ පිළිබඳ පුළුල් ප්‍රචාරයක් ලබාදුන් පසුබිමක නීතිගරුක පුද්ගලයකු නම් පොලිසියට ඉදිරිපත් වීමට හැකිව තිබූ බවත්ය.

එහිදී සැකකරුවන්ගෙන් අධිකරණය ඉල්ලා සිටි හැඳුනුම්පත් ලබාදීමට අපොහොසත් වීම නිසා අධිකරණයේ දෝෂදර්ශනයට ලක් කරමින් නඩුව පසුවට තැබීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගෙන ඇත..

සවස යළි එම නඩුව කැඳවීමේදී ද හැඳුනුම්පත් ඉදිරිපත් කිරීමට සැකකරුවන් අපොහොසත් වීඇති අතර, බිරිද විසින් ඇප තැබීමට අපොහොසත් වීම හේතුවෙන් නැවත බන්ධනාගාරගත කරන ලදි.

කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වියේ පසුවූ සුසිත ජයවංශ නමැති තරුණයා මීට දින කිහිපයකට පෙර අතුරුදන්විය. ඔහු අවසන්වරට සිය පෙම්වතියගේ පියාගෙන් ලද දුරකථන ඇමතුමකට අනුව ඇයගේ නිවසට ගොස් තිබුණූ බවට වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan