අදානිගෙන් විදුලිය ගන්න කැබිනට් අනුමැතිය!

Date:

කොළඹ LNW:විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව අනුව වසර විස්සක කාලයක් සඳහා අදාළ මිල ගණන් යටතේ M/s Adani Green Energy SL Limited වෙතින් විදුලිය මිල දී ගැනීම සඳහා වන ටෙන්ඩරය පිරිනැමීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මන්නාරම සහ පූනරින්හි මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සංවර්ධනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම් ගතවීමට නියමිතයි.

යෝජිත ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදනය කරන විදුලිය සඳහා කිලෝවොට් පැයකට අමෙරිකානු ඩොලර් ශත 8.26ක් අවසන් ගාස්තුව වශයෙන් පිළි
ගැනීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඉන්දියාවේ M/s Adani Green Energy Limited විසින් මන්නාරම සහ පූනරින්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක එළඹීමට ඉකුත් 2022 වසරේ මාර්තු 07 වැනි දා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබුණි.

ඒ අනුව එම සමාගම විසින් ඉදිරිපත් කළ ව්‍යාපෘති යෝජනාව ඇගයීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ මත පදනම්ව අමාත්‍ය මණ්ඩලය උක්ත අනුමැතිය ලබා දී ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලීසියේ ලොක්කෙකුට එරෙහිව තවත් ලොක්කන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ?

ශ්‍රී ලංකා පොලීසියේ ඉහළම නිලධාරියෙකුට එරෙහිව තවත් ඉහළ නිලධාරීන්...

සිහින ගමනාන්තය” (Dream Destination) යටතේ අලුත් වන මරදාන දුම්රිය ස්ථානය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : හෙට(15) දින...

ජාතියේ අසාර්ථක බවේ රහස මහින්දද ?

සුද්දා හදලා ලොකු වත්කම් සංචිතයකුත් එක්ක කරගෙන යන්ට අතටම...

ඉන්දියාවේ චෙන්නායි ජායාරූප ශිල්පියෙකු මෙරරට ගෙන ආ “කුෂ්”!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14,කොළඹ LNW : ගුවන්තොටුපළේ මත්ද්‍රව්‍ය නාශක...