මම ලංකාවේත් නෑ, මගේ ගෙදර කිසිම දේශපාලන සාකච්ඡාවක් තිබ්බේත් නෑ – තිරු නඩේෂන්

Date:

නියෝජ්‍ය කථානායක තෝරාගැනීමේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබලයෙකු සහ විපක්ෂ නායකවරයාගේ මව අතර සාකච්ඡාවක් තමන්ගේ නිවසේදී පැවැත්වුණු බවට ඇතැමුන් කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන් මහතා පවසයි.

“හේමා ප්‍රේමදාස මහත්මිය කියන්නේ මම ගරු කරන කාන්තාවක්. මම ඒ මහත්මියව පසුගිය වසර 10කින් මෙපිට හමුවෙලා නැහැ. ඒ වගේම පසුගිය සතියකට වැඩි කාලයක් මම ලංකාවේ හිටියෙත් නැහැ. මම ව්‍යාපාරික කටයුත්තකට විදේශගත වෙලා ඉන්නෙ. ඒ වගේම ඔය කියන විදියට මගේ ගෙදරට හේමා ප්‍රේමදාස මහත්මිය හෝ ආණ්ඩුවේ ප්‍රබලයෙක් හෝ කිසිම කෙනෙක් මේ දවස්වල ආවෙත් නැහැ, ඔහොම කිසිම දේශපාලන සාකච්ඡාවක් මගේ ගෙදරදී වුණෙත් නැහැ. ඔය කතාව සම්පූර්ණයෙන්ම බොරුවක්.

දේශපාලනඥයින් කවුරු මොනවා කළත් හිටපු ජනාධිපති ආර්යාවක්, වැඩිහිටි කාන්තාවක් හැටියට ඒ මහත්මියගේ වයස ගැනවත් නොසලකා මෙහෙම බොරු ප්‍රචාරවලට පටළන එක හරිම කැතයි. එහෙම කරන්න එපා. ඔය කියන අයට පුළුවන් නම් මගේ ගෙදර එහෙම සාකච්ඡාවක් තිබුණා කියලා ඔප්පු කරලා පෙන්නන්න.

ඒ වගේම, මම දේශපාලනය කරන්නෙත් නැහැ. මාව මේවාට පටළාගන්නත් එපා”

යනුවෙනුයි තිරුකුමාර් නඩේෂන් මහතා ලංකා නිව්ස් වෙබ් වෙත සඳහන් කළේ.

නියෝජ්‍ය කථානායක ඡන්ද විමසීමට අදාළව තිරු නඩේෂන් මහතාගේ මැදිහත්වීමෙන් සාකච්ඡාවක් පැවති බවට චෝදනා කර තිබුණේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු ඔහුගේ පක්ෂය විසිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...

ආර්ථිකයේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2026 වසරේ මුල් භාගයේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා සංචාරක...