කැනඩාව විකිනීමට නොමැති බව ට්‍රම්ප් බැලීමට ආ කාර්නි කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාව විකිනීමට නොමැති බවට කැනඩා නව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි ජනාධිපති ට්‍රම්ප් වෙත අවධාරණය කර ඇති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍යවරයා සිය මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව අද(07)දිනයේ මුල්වරට එක්සත් ජනපදයේ කරන ලද සංචාරයකදී ජනාධිපති ට්‍රම්ප් විසින් කැනඩාව ඇමරිකාවේ 51වන ප්‍රාන්තය බටව පත් කිරීමට කරන ලද අදහස් දැක්වීමකදී කාර්නි මේ බව ප්‍රකාශ කර තිබිණි.

කාර්නි පසුගිය මාසයේ මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ ට්‍රම්ප්ට එරෙහිව නැගී සිටින බවට පොරොන්දු වෙමින්වන අතර වරක් ඇමරිකාව – කැනඩාව යන සමීප අසල්වැසියන් අතර වඩා හොඳ සබඳතාවයක් පැවති අතර මෑතකදී කැනඩාව ආඳා ගැනීමට යාමේදී හා තීරු බදු පැනවීමත් සමඟ එම සබඳතා පලුදු විය.

මෙහිදී කැනඩාව වෙනුවෙන් පනවන ලද තීරුබදු සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු අසන ලද ප්‍රශ්නයකදී ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, කාර්නි ඉතා දක්ෂ පුද්ගලයෙකු බවත්, එක්සත් ජනපදය කැනඩාවේ හමුදාවට සහනාධාර ලබා දෙන බවත්, ඇලුමිනියම් සහ වානේ වැනි කැනේඩියානු භාණ්ඩ අවශ්‍ය නොවන බවත්, ඇමරිකාව තමන්ගේම මෝටර් රථ නිපදවීමට සුදානම් බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...