ඉන්දු-පාකිස්ථාන් ගැටුමේ නවතම පුවත්; දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවෙන් මරණ සංඛ්‍යාව ඉහළට

0
771

සටහන: සශිකලා මධුෂාණි
මැයි 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(07)අලුයම ඉන්දියාව විසින් දියත් කරන ලද සින්දූර් මෙහෙයුමට අනුව පාකිස්ථානයේ ත්‍රස්තවාදිස්න්ගේ යටිතල පහසුකම් වලට එල්ල කරන ලද බවට සැලකෙන් මිසයිල ප්‍රහාර හේතුවෙන් පාකිස්ථානයේ මිය ගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 26 දක්වා ඉහලගොස් ඇති බව වාර්තා වේ.

ඉන් අනතුරුව පාකිස්ථානය විසින් දියත් කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් කාශ්මීර් කලාපයේ සිවිල් වැසියන් හත් දෙනෙකු මිය ගොස් කලාපයේ ඉන්දියානු කොටසේ 35 දෙනෙකු තුවාල ලබා තිබේ.

මේ සම්බන්ධයෙන් පකිස්ථාන ආරක්ෂක ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ඉන්දීය ගුවන් හමුදා ජෙට් යානා පහක් සහ ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලා ඇති අතර බිම හෙළන ලද ගුවන් යානා පහෙන් තුනක් ප්‍රංශ නිෂ්පාදකයෙකුගෙන් මිලදී ගත් ඉන්දීය ගුවන් හමුදාවේ වටිනා වත්කම් වන රෆායෙල් ප්‍රහාරක ජෙට් යානා වන බවත්ය.