ඉන්දියාවෙදි දිස්නෙ දෙන ලංකාවේ හෙට පැරා

Date:

ඉන්දියාවේ බැංගලෝර් හී පැවත්වෙන ඉන්දීය පැරා මලල කීඩා සූරතාවලිය නියෝජනය කරන ජනනි ධනාංජනී සහ කුමුදුන් දයානි ශ්‍රී ලංකාවේ පැරා මලල කීඩාවේ අනාගතය පිළිබඳ පැහැදිළි බලාපොරොත්තුවක් සනිටුහන් කරමින් තමන් සහභාගි වූ ඉසව් වලදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ගෙන එන්නට සමත් වුණා.
ටී 46 සහ ටී 47 කාණ්ඩවලින් තරග වඳින ජනනි සහ කුමුදිකා අතරින් ජනනි ටී 46 කාණ්ඩය යටතේ මීටර් 100 තරගය ජය ගනිමින් එහි රන් පදක්කමට උරුමකම් කියන්නට සමත් වුණා.ටී 47 කාණ්ඩයේ තරග වැදුණ කුමුදික ට මීටර් 100 තරගයෙන් හිමි වූයේ දෙවන තැනයි.ජනනි සිය වෙනස් කුසලතාවය අනුව කාණ්ඩ වූ ක්‍රීඩිකාවන් අතරින් මීටර් 100 ජය ගැනිම සඳහා තත්පර 13.71 ක කාලයක් වාරතා කළ අතර කුමුදිකා දයානි වාර්තා කරන ලද කාලය තත්පර 13.55 ක් ලෙස සටහන් වුණා.

දුර පැනිමේ ඉසව්වේදී ටී 46 සහ ටී 47 කාණ්ඩ එක්ව පැවති අතර එම තරගයේ දෙවන ස්ථානය හිමි වූයේ ද ජනනි ටයි.තෙවැන්නිය බවට පත් වීමට කුමුදිකා සමත් වුණා.ජනනි මීටර් 4.92 ක දක්ෂතාවයක් දැක් වූ අතර කුමුදිකා මීටර් 4.26 ක දක්ෂතාවයක් දක්වන්නට සමත් වුණා.
කුරුණැගල සුර දූත බාලිකාවේ අධයාපනය ලබන ජනනි පුහුණුවීම් කරන්නේ නලින්ද සෙනරත් යටතේ යි.කුමුදිකා අධ්‍යාපනය ලබන්නේ නියාගම විජිත මහා විදුහලේ වන අතර ඇයගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ආසියාතික පැරා පදක්කම් පහට හිමි කම් කියන දුමීර මධුරංග යි.
අද දෙදෙනාම මීටර් 200 ඉසව්වට සහභාගි වීමට නියමිතය.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...