*
Friday, April 19, 2024
spot_img

Latest Posts

හැමදාම බැනුම් අහන UL605/UL604

නොවැලැක්විය හැකි හේතුවකටත් සමාවක් දෙන්නෙම නැතුව නරකයි නරකයි කියලා මිනිස්සු රැල්ලට බනිද්දි හොඳ දේට හොඳයි කියන්නත් මිනිස්සු ටිකක් ඉන්න ඕනේ..ගොඩක්ම තැන් වල නරක දේ අමතක කරලා හොඳ දේ විතරක් අගය කරන්න මම නිතර උත්සාහා කරනවා..

මෑතකදි මම SriLankan Airlines ඔය ඉහත කියන Flights දෙකේම මෙල්බර්න් ගිහිං ආවා…යද්දිත් වැස්ස එද්දිත් වැස්ස…අපි ගමන ආරම්භ කරන වෙලාවෙ කීවා මෙල්බර්න් වල ඒ මොහොතෙ හොඳ කාලගුනයක් තියෙන බව..හැබැයි අපි ගමන ආරම්භ කරද්දි ලංකාවේ හොඳ කාලගුනයක් තිබුනෙ නැ..හැබැයි ⁣හරියටම අප්‍රේල් 19රෑ 23.40 ට ගමන ආරම්භ කරා.නිතර එයා පොකට් වලට අහු උනත් අපි පාඩුවේ ගියා..තප්පරයක් වත් පහු නොවී මෙල්බර්න් වලට ගියා…

ආයෙ එනකොට මම ආවෙ මේ ටිකේම බැනුම් අහන UL 605.මෙල්බර්න් වලට හොඳ කාලගුනයක් තිබුනත් කොලඹට වහින බව කීවා..ගුවන්යානය සම්පුර්නයෙන්ම පිරිලා තිබුනා…Zone F එකේ චුටි බබාලා කීප දෙනෙකුත් හිටියා..ඉඳ හිටලා අඩන සද්දෙත් තාත්තලා වඩාගෙන එහාට මෙහාට යන හැටිත් මම දැක්කා…කාල ගුනය එන්න එන්නම නරක් වෙමින් තිබුනා…නිතර එයා පොකට් වලට අහු උනා..කැබින් කෘ එකට නිතර වාඩි වෙන්න නිවේදන දුන්නා..මගේ සැමියා මම ආවට පස්සෙ කීවා එක තැනක ඔයා අඩි අසුඅටදාහක උඩ හිටියෙ මට බයත් හිතුනා..වැස්ස තිබුනද කියලා…ඔව් වැස්ස තිබුනා..නිතර ගුවන් යානය උඩට පහලට කරා…ඒක ඇගට දැනුනා..ඒත් මොනවා කරන්නද අර කියමනක් තියෙන්නෙ රියදුරැ දෑතට දෙවි පිහිටයි කියලා..මම එහෙම හිතුවා….ඒ අතරේ කෑම දෙනවා බීම දෙනවා තේ කෝපි දෙනවා..හැමෝගෙම ඉල්ලීම් පෞද්ගලිකවම හිනා මුනින්ම ලගටම ඇවිත් කරලා දෙනවා..

කැබින් කෘ එක පුදුම වෙහෙසක් වෙනවා..ආපහු එන මෙ ගුවන් යානයේ ගොඩක් හිටියා වයසක අම්මලා තාත්තලා….මෙල්බර්න් ඉන්න දරැවො එක්ක සිංහල අවරැද්දට ඉදලා ආපහු එන අය….ගොඩක් අය කෑම බීම පැනඩෝල් ඉල්ලුවෙ සිංහලෙන්..කැබින් කෘ එක හරිම කරැනාවෙන් කතා කරෙත් ඒ අයට සිංහලෙන්…ඕනෙ තරම් එයාලයින් වල රට ගිහිං තියෙන මම හොදටම දන්නවා අපෙ සිංහල වයසක අම්මා තාත්තට වෙන එයාලයින් එකක නං එයාලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න ඕනේ…

අම්මේ චිකන්ද ෆිෂ්ද වෙජියේරියන්ද එහෙමයි ඇහුවේ..තේ කෝපි මොනවාද ඕනේ උනුවතුර ඕනේද…ඉතිං පැය දහයහමාරක ඒ තෙහෙට්ටු ගමන වයසක දෙමව්පියන්ට ඒ මොහොත පවා සහනයක්.

ගුවන්යානක පයිලට් කෘ එකට කැබින් කෘ එකට නියමිත පැය ගානක රාජකාරියක් විතරයි තියෙන්නෙ..කාලගුනය අව්ව වැස්ස ප්‍රමාදවීම් එයාලට අදාල නැ..දීර්ඝ ගුවන් ගමනක පුදුම සත්කාර ගොඩක් කරමින් රාජකාරි නිමා කරන එයාලත් අපට වගේම පුදුම වෙහෙසක් ආතතියක් තියෙනවා..පයිලට් කෙනෙකුට වැස්ස නවත්තන්න බැ…නිවේදන වලට අනුව ඇවිත් ලෑන්ඩ් කරන්න අවසර දෙනකම් ඉන්න ඕනේ..එතකම් සීට්බෙල්ට් එක වත් ගලවන්න බැ….වැරදියට ලෑන්ඩ් කරලා හිරේ විලංගුවෙ යන්න එයාලාට ඕනෙ නැ..

නියමිත ගමනාන්තය අවදානම් නම් වෙනත් ගමනාන්තයක් වෙත යනවා.. මගීන්ගේ අරෙක්ෂාවට..පැය කීපයක ප්‍රමාදයක් වෙන්න පුලුවන්..කරන්න දෙයක් නැ..මැරෙනවාද?අතපය කඩා ගන්නවාද?ටිකක් පරක්කුවෙලා ආරක්ෂිතව පිටතට ඇවිත් තම ආදරනීයන් මුන ගැහෙනවාද?
ඒ වගේ කාලගුණ විපර්යාසයන් නිසා ප්‍රමාද වෙලා වෙනත් ගුවන්තොටුපලකට ගුවන්යානයක් ගොඩබෑමේදි අදාලා ගුවන් සමාගම බැදිලා නැ එතන ඉඳන් ගෙදර යන්න වාහන දෙන්න…ඒක මානුෂීය මෙහෙයුමක්..food card එකක් තාවකාලික නවාතැන්පලක් ලබා දීම පමනයි ඔවුන් කරන්නේ..සමහර දුර්වල තැන් පාලන අධිකාරිවල නොමනා තීරන…ගනන් නොගැනීම..කාලගුණය අයහපත් නම් ඔවුන් දන්නවා ගුවන්යානය මත්තලට යැවිය යුතු බව..විදේශිකයන් කීයක් ඉන්නවාද ඔවුන්ට හෝටල් වෙන්කලයුතු බව…පැය දහයහමාරක් තෙහෙට්ටුවෙන් එන මිනිස්සුන්ට කොලඹට අවශ්‍යනම් යන්න සුවපහසු බස්රථයක් දිය යුතුබව..ඒවාට කැබින් කෘ එක එක්ක රන්ඩු කරලා වැඩකුත් නැ.

මම එන දවසේ UL605පරක්කු උනා නම් කාටවත් බැන බැන ඉන්නෙ නැ..කටුනායකින් මගෙ සැමියා එනවා මත්තලට…එතන තවත් නුවරට එන අය හිටියා නම් දාගෙනත් එනවා.

ලේලන්ඩ් බස් එකද ඊට වඩා සැප බස්එකක්ද කියන එක නෙමෙයි මෙතන ගැටලුව….අපේ අයගෙ ආකල්ප වල ගැටලුවයි ප්‍රශ්නය..සමහර දවස්වලට ඉස්සර අපි නුවර ඉදන් කටුනායකට යන්නෙ බස් එකේ…සුනාමි එන්න පුලුවන්..සැඩ සුලං චන්ඩ මාරැත එන්න පුලුවන්…බොහෝ ප්‍රමාදවීම් වෙන්න පුලුවන්…මේ හැම දේම අතරේ මානුෂීය ගුනාංග වර්ධනය කර ගන්න…ආකල්ප වලින් පෝසත් වෙන්න…සමහර සොබා දහම දෙන දඬුවම් ඉවසන්න සමාව දෙන්න පුරැදුවෙන්න……මේ විශ්වය කාව නැතත් ඔයාව හරි පරිස්සමට ගෙදරට ගෙනත් දෙයි.

මේක ලීවේ දවසක ඔයාට මොකක්ම හරි ගුවන්ගමන් ප්‍රමාදයක් උනොත් ඔයත් සංසුන් වෙලා අනිත් අයවත් සංසුන් කරවන්න…

✍️ජනාලි මධුරසිංහ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan