මේක පාර්ලිමේන්තුවට ලැබුණු විශාල නිදහසක්, ඩයනාගේ අහිමි වූ මන්ත්‍රීධූරය ගැන නලීන් බණ්ඩාර කියූ දේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 08, කොළඹ (LNW):අද (08) දින සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමිවීම පිළිබඳව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී අදහස් පළකර ඇති බව වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් එම තීන්දුවට තමන් ගරුකරන බව ඒ මහතා කියා සිටියේය,

මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ,

“ගරු කථානායකතුමනි, ඔබතුමාට සහ පාර්ලිමේන්තුවට වැදගත් දෙයක් මේක. විශේෂයෙන්ම අධිකරණය අද වැදගත් තීන්දුවක් ලබාදීලා තියනවා. ඒක තමයි පුරවැසිභාවය පිළිබඳ තිබු නඩුවකදී පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය අද ඉදලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් නෙමෙයි. අපි ගරු කරනවා අධිකරණයට. ඒ වගේම මේ පාර්ලිමේන්තුවට විශාල නිදහසක් ලැබුණා කියලාත් කතානායකතුමාටත් විශාල නිදහසක් ලැබුණා කියලත් මතක් කරනවා.”

ලෙස හෙතෙම කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...

එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ සෙලෙන්ස්කි වොෂින්ටන් බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...