මේ නිහඬ බව බිඳින්න – තව මොනවා හරි කියන්න : පාදෙනිය, කෝ ඔයා ….??

Date:

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා කලක පටන් මාධ්‍ය ඉදිරියට එන්නේම නැත. අවසන් වරට ඔහු මාධ්‍ය හමුවකදී දුටුවේ ඔහුගේ ද දායකත්වයෙන් යුත් වෘත්තිකයින්ගේ පෙරමුණක මාධ්‍ය හමුවකදී තමන් කාබනික පොහොර වැඩසටහනට සම්බන්ධ නැතැයි මාධ්‍ය වෙත ප්‍රකාශ කරන්නැයි තම සගයෙකුට රහසින් උපදෙස් දෙන වීඩියෝවකිනි. එදාත් පාදෙනිය ඒ මාධ්‍ය හමුව ඇමතුවේ නැත.

පාදෙනියලාගේ ආර්ථික සහ කෘෂිකර්ම දැක්ම යස අගේට මේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් වසර දෙකහමාරක් තුළ රට හිඟමනට වැටී තිබේ. සෙසු ක්ෂේත්‍ර මෙන්ම රටේ සෞඛ්‍ය සේවය ද ඉතිහාසයේ දරුණුතම ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටී. රෝගීන් ලක්ෂ ගණනකගේ ජීවිත අනතුරේ ය.

මෙවන් අමාරුකමක ලකුණක්වත් නොතිබුණු පසුගිය ආණ්ඩු සමයේදී පාදෙනියලා මාධ්‍ය තුළ නොදුටු දවසක් නැති තරම් ය. ඉන්දියාව සමග වෙළඳ ගිවිසුම් අත්සන් කිරීමට සැරසෙන විට, සිංගප්පූරුව සමග ගිවිසුම් අත්සන් කිරීමට සැරසෙන විට මෙන්ම ඇමරිකානු එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීමට සැරසෙන විට පාදෙනියලා පාරේ සිටියේ ලංකා සිතියම මත ඇඟිලි දෙකෙන් ඉරි අඳිමින් රට බෙදෙන හැටි පැහැදිලි කරමිනි.

අද රෝහල්වල ඖෂධ නොමැතිව රෝගීන්ට ප්‍රතිකාර කිරීම ගැටළු සහගත වී ඇති තත්වයක් තුළ පාදෙනිය නිහඬ ය. “අහෝ නාථ දෙවියනි, රටකට ගිය කලක්” ය …

වෛද්‍ය පාදෙනිය මහතා සම්බන්ධයෙන් වෛද්‍ය ක්ෂේත්‍රය තුළම එක්තරා කටකතාවක් වේගයෙන් පැතිර යමින් පවතින අතර සදාචාර හේතූන් මත අප එය ප්‍රසිද්ධ කිරීමට යන්නේ නැත.

එහෙත් පාදෙනිය මහතාණෙනි, මේ තරම් දරුණු ව්‍යවසනයකට රට මුහුණ දී සිටියදී ඔබතුමා ඉදිරියට පැමිණ මේ ව්‍යවසනයට විසඳුමත් නිවසේදීම සකස් කරගන්නා ආකාරයත් මේ වනවිට රටේ ජනතාවට හිඟවී ඇති අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බොහොමයක් නිවසේදීම සාදා ගන්නා ආකාරයත් කියා දෙනවා නම් හොඳ ය. ඔබට නාථ දේව මණ්ඩලයේම පිහිට ය !!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...

ඇල්මෙන් උගනින්න ගිය පුත කුමක් විණ ?

මන්දාකිණි පිරුණු අනන්ත අහස ගැනදහසක් රහස් සඟවා ගත් මුහුද...