රුසියානු ආක්‍රමණයට මාස දෙක හමාරයි – පුටින් පරාජය බාරගන්න සූදානම් නෑ !

Date:

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනය ආක්‍රමණය කිරීමට තීරණය කර මේ වනවිට මාස දෙක හමාරකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. රුසියානු හමුදා යුක්රේන දේශ සීමා ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදායි.

දින කිහිපයක් තුළ යුක්රේනය යටත් කර ගැනීමේ අරමුණින් යුක්රේනය වෙත පැමිණි රුසියානු හමුදාව යුක්රේනයෙන් ප්‍රතිප්‍රහාර එල්ල වෙතැයි කිසිවිටෙක විස්වාස කළේ නැත. කෙසේ නමුත් යුක්රේන හමුදා තවමත් ආක්‍රමණිකයාට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිය රට ආරක්ෂා කර ගැනීමට සමත්ව සිටී.

ඇමරිකානු CIA සංවිධානය පවසන්නේ රුසියානු නායකයා තවමත් පරාජය බාර ගැනීමට සූදානම්ව නොමැති බවයි. CIA ප්‍රධානී බිල් බර්න්ස් පවසන්නේ මේ වනවිටත් යුක්රේන ප්‍රතිප්‍රහාර හමුවේ සහ එල්ල වන ජාත්‍යන්තර බලපෑම් හමුවේ රුසියානු හමුදා දැඩි පසුබැසීමකට ලක්ව සිටින බවයි.

‘රුසියාව කියන්නෙ න්‍යෂ්ටික බලවතෙක්. යුක්රේන ආක්‍රමණය තවදුරටත් ප්‍රමාද වුවහොත් ඇතැම් විට රුසියාව න්‍යෂ්ටික අවි භාවිතා කරන්න පුලුවන්. එසේ නොවෙන්නත් පුලුවන්. ඒක හරියටම කියන්න බෑ. කොහොම උනත් එක දෙයක් පැහැදැලියි, පුටින් කියන්නෙ ලෙහෙසියෙන් පරාජය බාරගන්න සූදානම් කෙනෙක් නෙවෙයි.’ CIA ප්‍රධානියා ඇමරිකාවේ ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත සමග පවසා තිබෙනවා.

යුක්රේන ආක්‍රමණය හේතුවෙන් රුසියානු හමුදාවට දැවැන්ත හානියක් සිදුව ඇති අතර ජීවිත හානිවලට අමතරව ප්‍රහාරක යානා, නෞකා, යුද ටැංකි විශාල ප්‍රමාණයක්ද අහිමි වී තිබෙනවා. මීට අමතරව ජාත්‍යන්තර සම්බාධක හමුවේ රුසියානු ආර්ථිකයටද සිදුව තිබෙන්නේ දැවැන්ත හානියකි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Operation Sindoor ගැන අයිශ්, අගමැති මෝදි ගෙන් ප්‍රශ්න කරයි!

සටහන – පුලී නොවැම්බර් 20, කොළඹ (LNW): බොලිවුඩයේ සුප්‍රසිද්ධ රංඟනවේදිනී අයිශ්වර්යා...

මත්ද්‍රව්‍යට එරෙහි අපේ මෙහෙයුම කඩාකප්පල් කරන්න උද්ඝෝෂණ, පෙළපාලි එනවා. අපි ඒවාත් පරාජය කරනවා – ජනපති

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය ජාතික...

මාලිමාව කළුතර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි කළුතර ප්‍රාදේශීය සභාවේ මංගල...