*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

මහින්ද රැකගන්න ජන ගඟක් හෙට අරලියගහ මන්දිරයට

ඉදිරි දින කිහිපය තුළ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට සමුදීමට සූදානම් වන බව ඊයේ වාර්තා විය. මාධ්‍ය වාර්තා කළේ අගමැති ධුරයෙන් ඉවත්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සහෝදරයාට බලපෑම් කරමින් සිටින බවයි.

මේ අතර පොදුජන පෙරමුණේ සාමාජිකයන් බහුතරයක් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත්වීමට විරෝධය පළකරමින් සිටින අතර ඔවුන් කුමන තත්වයක් තුළදී හෝ අගමැති තනතුර ආරක්ෂා කිරීමට සූදානම්ව සිටී.

පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයන් පිරිසක් ඊයේ අරලියගහ මන්දිරය වෙත පැමිණ ඇති අතර ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේ කිසිසේත්ම ධුරයෙන් ඉල්ලා අස් නොවන ලෙසයි.

යම් හෙයකින් ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ඉවත් කිරීමට කටයුතු කළහොත් 2018 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ තීරණය ප්‍රතික්ෂේප කළයුතු බවයි.

පළාත් පාලන මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ බලපෑම් හමුවේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙන්නේ ධුරයෙන් ඉවත්වීමට කටයුතු නොකරන බවයි.

මේ අතර අගමැතිවරයා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් හෙට දිනයේදී අරලියගහ මන්දිරය වෙත පැමිණීමට සූදානම් වෙනවා. පාක්ෂිකයන් අරලියගහ මන්දිරය වෙත කැඳවීම සඳහා මේ වනවිට සමාජ ජාලා මාධ්‍ය හරහා සංවිධානාත්මක මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

අගමැති මහින්ද වෙනුවෙන් හෙට පෙරවරු 09 ට අරලියගහ මන්දිරය වෙත පැමිණෙන්නැයි පොහොට්ටු පාක්ෂිකයන්ගෙන් ඉල්ලා තිබෙනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan