විස්වාසභංගයට දින නියම කිරීම හෙට

Date:

සමගි ජන බලවේගය විසින්, ආණ්ඩුවට එරෙහිව බාර දී ඇති විස්වාස භංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳ තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙට රැස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. හෙට පෙරවරු 10 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම ආරම්භවීමට නියමිතය.

රටේ මතුව ඇති වත්මන් අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් මෙන්ම පසුගිය 06 වැනිදා පාර්ලිමේන්තුව අසල විරෝධතාවයේ නිරත පිරිසට එල්ල වූ පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් කරුණු විමසීමට කටයුතු කරන බව කතානායකවරයා සිකුරාදා පාර්ලිමේන්තුවට පොරොන්දු විය. ඒ අනුව අදාල ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් බාරදෙන ලෙස කතානායකවරයා පොලිස්පතිවරයා වෙත ලිඛිත නියෝගයක් අද නිකුත් කිරීමට නියමිතව තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...