ගමට ගිය මහින්දානන්දට හූ සංග්‍රහයක් – පොලීසිය මැදිහත් වී බේරා ගනී !

ජනතාවගෙන් එල්ල වන විරෝධය හේතුවෙන් ආණ්ඩුවේ නායකයන්ට, මැති-ඇමතිවරුන්ට මහමග ගමන් කිරීමට පවා නොහැකි තත්වයක් උදා වී තිබේ. ශ්‍රී මහ බෝධිය වැඳපුදා ගැනීමට අනුරාධපුරයට ගිය අගමැතිවරයාටද ස්ථාන කිහිපයකදී ජනතා විරෝධය එල්ල වූ අතර ජනතාව ඉල්ලා සිටියේ වහාම අගමැති තනතුරින් ඉල්ලා අස් වී ගෙදර යන ලෙසයි.

මේ අතර හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාට නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේදී ජනතාවගෙන් දැඩි විරෝධය එල්ල වී තිබෙනවා. අළුත්ගමගේ මහතා ගමන් කළ වාහල පෙළ හරස් කරමින් ගම්වැසියන් විරෝධතාවයක නිරත වූ අතර වාහනයෙන් බැස ජනතාව වෙත පැමිණි හිටපු ඇමතිවරයාට, වෙනදා ලැබෙන උණුසුම් පිළිගැනීම වෙනුවට ලැබුණේ හූ සංග්‍රහයකි.

විරෝධතාවයේ නිරත පිරස කළහකාරී ලෙස හැසිරීමත් සමග අළුත්ගමගේ මහතා එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

නාමල් සැප්. 23 වන දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකන් ගුවන්...

අනුරාධපුරයේදී අර්චුනා කළ ප්‍රකාශ පිළිබඳව CTID විමර්ශනයක්?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : අනුරාධපුරයේ පැවති ශ්‍රී...