මේ මැතිවරණය තුළ ආණ්ඩුවේ ගමනක අවසානය සලකුණු වී තිබේද ?

Date:

ඇත්තෙන්ම රටේ අද විපක්ෂයක් නැත. ඒත් ආන්ඩුවට ප්‍රාදේශීය සබාවල් බහුතරයක බහුතර බලය ලබා ගැනීමට නොහැකි වී තිබේ..

මෙහි ඇති ගැටලුව නම් ආන්ඩුවට මේ ප්‍රතිපලය ලැබුනේ මාළිමාව මේ මැතිවරණයේදී දැමිය හැකි සියලු තුරුම්පු, ලොකුම කොල විසිකර තිබියදීත් වීමය.

අනුර මැතිවරණය ඔන්න මෙන්න තිබියදී දළදාවහන්සේ ප්‍රදර්ශනය කිරීමට වැඩසටහනක් යෙදුවේය. එහි අදාල ප්‍රචාරණයද ලබා ගත්තේය.. එසේම උතුරේ චන්ද ලබාගැනීමට තව ප්‍රයෝග යොදාතිබේ. මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රි පළකර ඇති ලිපියකට අනුව ඔවුන් වෙල්වෙඩිතුරේ ප්‍රබාකරන්ගේ ලොකඩ ප්‍රතිමාවක් තැනීමට පවා ගීතයකින් ප්‍රතිඥා දී තිබේ..

එමෙන්ම මේ ප්‍රාදේශීය චන්දයට කිසිම ජනතිපතිවරයෙක් බිමට බැස්ස නැති මට්ටමට අනුර බිමේ රැස්වීම් වලට ඔහුගේ දිවා රෑ කැප කලේය.

නමුත් මහමැතිවරණයෙන් චන්ද හැට අට ලක්ෂයක් ලබාගෙන තුනේන් දෙකේ බලයක් ඉකමවා සිටි ඔවුන් මාස හයක් ඉක්මවා යාමට මත්තෙන් සීයට හතලිහක චන්ද මට්ටමකට ඇදවැටී තිබේ.. ඇත්තෙන්ම මෙසේ වූයේ මන්ද?

එක හේතුවක් නම් ආර්ථික අර්බූදයක සිරවූ රටක වසර කීපයක් තුල ලඟ ලඟ ආන්ඩුපත්වීමත් කෙටිකාලයකින් ඒවා බිඳවැටීම සාමාන්‍ය තත්වයක් වීම..

අනික් හේතුව ග්‍රාම්‍ය ප්‍රචාරණ වැඩ සටහනක් මිස ආන්ඩුව සතුව මේ මහා ආර්ථික අර්බූදය හමුවේ කිසිදු ප්‍රශස්ත වැඩපිළිවෙළක් නොවීම..

දැන් හෝ ආන්ඩුව තමන් සිටින මායාමය අධිතක්සේරුවෙන් එළියට පැමින තමුන් මුහුණ දී සිටින අර්බූදය ගැන යථාර්ථවාදී ආපසු හැරී බැලීමක් නොකල හොත් ඔවුන්ද රටද නුදුරේදී මහා අර්බූදයකට ගමන්කල හැකිය.

මෙය පොලොවේ යථාර්ථය පසක්කර දීමක් මිස පක්ෂග්‍රාහී විවේචනයක් ලෙස නොගන්න..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...

විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...