ඉසුරු පරාක්‍රම
කොළඹ (LNW): කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍ර දේශ කිහිපයකට අද (08) දිනයේ පැය 10 ක ජල කප්පාදුවක් සිදුවනු ඇති බවට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය (NWSDB) පවසයි.
ඒ අනුව, උදෑසන 10 සිට පස්වරු 8 දක්වා කාලය තුළ පහත සඳහන් ස්ථානවලට ජල කප්පාදුවක් සිදුවනු ඇති;
- කොලොන්නාව නගර සභාව
- මොරගස්මුල්ල
- රාජගිරිය
- ඔබේසේකරපුර
- බණ්ඩාරනායකපුර
- ඇතුල් කෝට්ටේ
- නාවල-කොස්වත්ත
- රාජගිරියේ සිට කොළඹ විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය
- නාවල, සහ යාබද සියලු මාර්ග
