*
Friday, May 3, 2024
spot_img

Latest Posts

සීමානීර්ණ කමිටුවේ අවසන් වාර්තාව භාරදීම මැයි අග

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): පළාත් පාලන ආයතනවල සාමාජිකයන් සංඛ්‍යාව අවම කිරීමේ අරමුණින් හිටපු මැතිවරණ කොමිෂන් සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත්කරන ලද ජාතික සීමානීර්ණ කමිටුවේ අවසන් වාර්තාව මෙම මස තුන් වන සතිය වන විට භාර දීමට නියමිත බව වාර්තා වේ.

ඉකුත් අප්‍රේල් මස එම කමිටුව විසින් අග්‍රාමාත්‍යවරයාට භාරදුන් අන්තර්වාර් වාර්තාවට අදාළව මේ වන විට විවිධ පාර්ශවයන්ගෙන් යෝජනා 400 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති අතර, එම යෝජනා මේ වන විට එම කමිටුව විසින් විශ්ලේශණය සහ සමාලෝචනය කරමින් සිටින බව කමිටු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඒ අනුව, තම කමිටුවේ නිගමනයන් දේශපාලන පක්ෂ, සිවිල් සමාජයේ ක්‍රියාධරයන් ඇතුළු මේ පිළිබඳ සැලකිල්ලක් දක්වන සියලු පාර්ශව වෙත නුදුරේදී ඉදිරිපත් කරන බව හෙතෙම අවධාරණය කළේය.

පරිපාලනය විධිමත් කිරීම සහ පළාත් පාලන ආයතනවල වඩාත් කාර්යක්ෂම පාලනයක් සහතික කිරීමේ අරමුණින් ජාතික සීමානීර්ණ කමිටුව පිහිටුවනු ලැබුවේ 2020 වර්ෂයේ දී ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan