(VIDEO):ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 09, කොළඹ (LNW): අද (09) දින පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා එහිදී විශේෂ ප්‍රකාශයක් සිදුකළ බව සඳහන් වේ.

ජනාධිපතිවරයා මෙහිදී ප්‍රධාන කොට පැවසුවේ වැටුණු රට යළි ගොඩනැගීම වෙනුවෙන් විධිමත් ලෙස ආර්ථික ස්ථායිකරණ හා ප්‍රතිසාධන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට මුල පිරූ බවත් එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස 2023 වසරේ මැද භාගයේ සිට ආර්ථික වර්ධනයක ගමන ආරම්භ වී තිබෙන බවත් ය.

තවද මෙම වසරේ ආර්ථික වර්ධනය 3%ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, විවිධ දේශීය සහ විදේශීය ,මුල්‍ය ආයතන ද ඒ හා සමාන පුරෝකථන ඉදිරිපත්කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ වන විට රටේ උද්ධමනය 1.5% ක අගයකට පහළ වැටී ඇති අතර වසර ගණනක් තිස්සේ හිඟයක් ලෙස පැවති ප්‍රාථමික ගිණුමේ ශේෂය, 2023 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 0.6% ක අතිරික්තයක් ලෙස පරිවර්තනය කිරීමට හැකිවී තිබෙන බවත්, දශක ගණනාවකට පසුව ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් 2023 වසරේ ඇතිව තිබෙන අතර, පොළී අනුපාතය 10%-13% මට්ටමට පහළ වැටී ඇති බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍ය ගල්ලන්ගොඩ සිහි කරමින් පැසිපන්දු තරගාවලියක්

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: වෛද්‍ය ජනක ගල්ලන්ගොඩ අනුස්මරණ කුසලානය...

ටිරෝන් ද සිල්වා කුසලානය 10 වන වරටත් කැවිලියර්ස් සතු වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: “ටිරෝන් ද සිල්වා” අභියෝගතා කුසලානය...

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්!

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා...