අල්ලස් චෝදනාවකට හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ 2018 සිට 2022 වසර දක්වා වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කරමින්, එම බල ප්‍රදේශයේ විකිණීම සඳහා සංවර්ධන කරනු ලබන ඉඩම් සඳහා අනුමැතිය ලබාදීමට අදාළව අවස්ථා කිහිපයක දී පැමිණිලිකරුගෙන් රු.5,480,000/-ක මුදලක් සහ ඔහු පදිංචි නිවසේ, මිදුලේ කුට්ටිගල් (ඉන්ටර් ගොල්) ඇල්ලීම සිදු කළ කොන්ත්‍රාත් සමාගමට ගෙවිය යුතුව තිබූ රුපියල් 1,250,000/- ක මුදලක් පැමිණිලිකරු මඟින් ගෙවීමට සැලැස්වීම යන අල්ලස් චෝදනා මතයි .

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙන බවද වාර්තා වේ.

නමුත් අනතුරුව ඇප මත මුදාහරිණ ලද වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරාල මහතා ඇප කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම වී ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...

USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): USS ඒබ්‍රහම් ලින්කන්...

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...

78 වෙනි නිදහස සමරමින් යුද හමුදා සාමාජිකයින් 9158කට උසස්වීම්!

කොළඹ LNW:78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී...