අල්ලස් චෝදනාවකට හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ 2018 සිට 2022 වසර දක්වා වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කරමින්, එම බල ප්‍රදේශයේ විකිණීම සඳහා සංවර්ධන කරනු ලබන ඉඩම් සඳහා අනුමැතිය ලබාදීමට අදාළව අවස්ථා කිහිපයක දී පැමිණිලිකරුගෙන් රු.5,480,000/-ක මුදලක් සහ ඔහු පදිංචි නිවසේ, මිදුලේ කුට්ටිගල් (ඉන්ටර් ගොල්) ඇල්ලීම සිදු කළ කොන්ත්‍රාත් සමාගමට ගෙවිය යුතුව තිබූ රුපියල් 1,250,000/- ක මුදලක් පැමිණිලිකරු මඟින් ගෙවීමට සැලැස්වීම යන අල්ලස් චෝදනා මතයි .

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙන බවද වාර්තා වේ.

නමුත් අනතුරුව ඇප මත මුදාහරිණ ලද වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරාල මහතා ඇප කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම වී ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෝල්ට්‍රීම් වතුයායේ වතු කම්කරුවන්ට නව නිවාස ඉදිකිරීම් ඇරඹේ!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඊයේ (04) දින...

2026 නව පාසල් වාරය අද ඇරඹේ – නව විෂය මාලා ආරම්භය ගැන අගමැතිගෙන් පැහැදිලි කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අද (05) සිට 2026 නව පාසල් වාරය...

කිසිම රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ නොහැකියි – චීනය

කොළඹ LNW: කිසිදු රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ...

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමට නව ක්‍රමයක් !

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඉදිරියේදී ,...