සටහන – රුවන් නෙළුගොල්ල
විධායකය විසින් අධිකරණයට සිදුකෙරෙන බලපෑම් පිළිබඳව පාර්ලිමේන්තුවක් ලබාදෙන ලෙස විපක්ෂය කළ ඉල්ලීම ආණ්ඩු පක්ෂය ප්රතික්ෂේප කර තිබේ.
විපක්ෂයේ ප්රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා මේ බව ප්රකාශ කළේය.
“නියෝජ්ය කථානායකතුමාගේ ප්රධානත්වයෙන් ඊළඟ පාර්ලිමේන්තු සැසියේ න්යාය පත්රය පිළිබඳ සාකච්ඡා කරන පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එතැනදී පසුගිය මැයි රැළිවලදී ජනාධිපතිවරයාත් අමාත්යවරුනුත් විසින් අධිකරණයට බලපාන කරුණු සම්බන්ධයෙන් කරන ලද කතා පිළිබඳව විධායකය විසින් අධිකරණයට අතපෙවීම සම්බන්ධව විවාදයක් ලබාදෙන ලෙස විපක්ෂ නායකතුමාත් විපක්ෂයේ මන්ත්රීවරු 36 දෙනෙකුත් අත්සන් කරලා කල් ඇතිව කථානායකතුමාට ලිඛිතව ඉල්ලීමක් කළා. ඒ පිළිබඳ අද විපක්ෂයේ මන්ත්රීවරුන් කරුණු පැහැදිලි කිරීමක් ද කළා. නමුත් රජය ලබන සතියේ පාර්ලිමේන්තු සැසියේදී ඒ විවාදය ලබාදීම ප්රතික්ෂේප කළා”
ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසුවේ ඊයේ (08) පැවැත්වූ මාධ්ය හමුවක් අමතමිනි.


