තවමත් නොදැවී මනුෂ්‍යත්වය වෙනුවෙන් සේවය කිරීම සඳහා ශතකයක්! – Sir David Attenborough at 100

සටහන : ආචාර්‍යය රොජර් ස්‍රීවාසන්ගේ මුල් ලිපිය ඇසුරින් සිංහලට පරිවර්තනය කරන ලද්දේ – පුලී

මැයි 09, LNW (කොළඹ); අද, ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ වයස අවුරුදු සියයක් පසු කරමින් ජීවිත ගමනෙහි ශතකයක් වාර්තා කරමින් සිටී, ඔහු බ්‍රිතාන්‍යයේ වඩාත්ම ආදරණීය, ස්වභාවික ඉතිහාසඥයා ලෙස පමණක් නොව, මානව වර්ගයා මෙතෙක් බිහි කළ වඩාත්ම ගෞරවාදරයට පාත්‍ර වූ හඬක් ලෙසද හැඳින්විය හැකිය.

ක්‍රිකට් භාෂාවෙන් කිවහොත්, ශ්‍රීමත් ඩේවිඩ් නොදැවී ලකුණු 100ක් දැනටමත් ලබා ඇත – ඔහු තවමත් ජාතීන්ගේ මණ්ඩපය පුරා ප්‍රශංසාව දිනා ගනිමින්, ඔහුගේ අසාමාන්‍ය ඉනිම නිර්වචනය කළ නිහඬ දීප්තියෙන් තවමත් මනුෂ්‍ය වර්ගයාට අතිමහත් දායකත්වයක් සපයයි.

බ්‍රිතාන්‍යයේ අයවලුන්ට, සර් ඩේවිඩ් යනු විකාශකයෙකුට හෝ රූපවාහිනී පෞරුෂයකට වඩා බොහෝ සෙයින් වැඩි පෞරුෂයක් සහිත ඇත්තෙකි. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජාතික වස්තුවකි – ඔහු ආඩම්බරයෙන් හෝ දර්ශනවලින් නොව, ප්‍රඥාව, නිහතමානීකම සහ නොසැලෙන අව්‍යාජභාවය තුළින් අගය කළ යුතු මනුෂ්‍යයෙකි.

ඈත වැසි වනාන්තර, සාගර, කාන්තාර සහ වනාන්තර අපගේම නිවෙස් තුළ සමීපතාවයේ සහ විස්මයේ ස්ථාන බවට පරිවර්තනය කරමින්, ස්වභාවික ලෝකයේ තේජස විස්තර කරන එම නොවරදින හඬට පරම්පරා ගණනාවක් සවන් දෙමින් හැදී වැඩුණි. මහාද්වීප සහ සංස්කෘතීන් හරහා, ඔහු දේශපාලනය, ආගම, ජාතිය සහ පන්තිය ඉක්මවා ගිය පාඩම් ද උගන්වන විශ්වීය අධ්‍යාපනඥයෙකු බවට පත් වූයේ හරි අපූරුවට අන්න ඒ ආකාරයෙනි.

1926 වසරේ දී එංගලන්තයේ අයිල්වර්ත් හි උපත ලැබූ ඩේවිඩ් ඇටන්බරෝගේ සොබාදහම කෙරෙහි ඇති ඇල්ම කුඩා කල සිටම ඔහුගේ ඇඟෙන්ම ආ දෙයක් විදියට හැගෙන්නට දුන්නේය. කුඩා කාලයේදීම ඔහු අනෙකුත් පිරිමි ළමයින් සෙල්ලම් බඩු සහ ක්‍රීඩා සඳහා වෙන් කළ උද්‍යෝගය ම පොසිල, ගල් සහ ස්වාභාවික නිදර්ශක එකතු කිරීමට යොදා ගන්නට විය. එම ගැඹුරු කුතුහලය ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය මෙහෙයවන මාලිමා යන්ත්‍රය බවට පත් කරන්නට ඇත.

ඔහු ස්වභාවික විද්‍යාවන් පිළිබඳ හැදෑරූයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කාලය තුළය. එහෙත් ඔහුගේ දක්ෂතාවල පළල ශාස්ත්‍රීය ක්ෂේත්‍රයට පමණක් කිසිදා අන්තර්ගත කළ නොහැකි විය.

ඔහු සතුව හුදෙක් විද්‍යාත්මක අවබෝධයක් පමණක් නොව, සංකීර්ණත්වය, අලංකාරය, පැහැදිලිකම සහ උණුසුම සමඟ සන්නිවේදනය කිරීමේ දුර්ලභ හැකියාවද නොඅඩුව තිබුණි.

1950 දශකයේ මුල් භාගයේදී ශ්‍රීමත් ඩේවිඩ් බීබීසීයට සම්බන්ධ වන විට, රූපවාහිනිය තවමත් පරිණාමය වෙමින් පැවතුනි. මෙම නිහතමානී තරුණ නිෂ්පාදකයා යම් දිනක මුළු ලෝකයටම ස්වභාවික ඉතිහාස විකාශනය නැවත අර්ථ දක්වනු ඇතැයි එකළ ස්වල්ප දෙනෙකුට සිතාගත හැකි විය. Zoo Quest, Life on Earth, The Living Planet, The Blue Planet සහ Planet Earth වැනි වැඩසටහන් හුදෙක් වාර්තා චිත්‍රපට පමණක්ම නොවීය.

එහෙත් සර් ඩේවිඩ්ගේ ශ්‍රේෂ්ඨත්වය පවතින්නේ ඔහුගේ කථිකත්වය හෝ ශිෂ්‍යත්වය තුළ පමණක් නොව ඔහුගේ ජීවිතයේ අවසාන දශක කිහිපය තුළ, ඔහු පාරිසරික පරිහානියට ලෝකයේ වඩාත්ම ගෞරවනීය සදාචාරාත්මක සාක්ෂිකරු ලෙස මතු වීමත් සමඟය. 

දේශගුණික විපර්යාස, වන විනාශය, දූෂණය සහ ජෛව විවිධත්වය බිඳවැටීම පිළිබඳ ඔහු අනතුරු ඇඟවීම් පවා ලබා දුනි.

ඉඳින්, සර් ඩේවිඩ් ඇටන්බරෝ සිය සියවන සංවත්සරය අද දින සමරන්නේ ජීවන ඉනිමේ සාර්ථකව නිම කළ ශතකය සමඟිනි. මෙතරම් බොහෝ දෙනෙකුට අධ්‍යාපනය ලබා දී, මෙතරම් ගැඹුරින් ආශ්වාදයක් ලබා දී හෝ එතරම් නොසැලෙන ගෞරවයෙන් මනුෂ්‍යත්වයට සේවය කර ඇත්තේ ලෝකයාගෙන් අතලොස්සකි. ඔහුගේ සියවස හුදෙක් පෞද්ගලික ජයග්‍රහණයක් පමණක් නොව එය පෘථිවියට සහ තවමත් නූපන් පරම්පරාවන්ට පවා සදාකාලික ත්‍යාගයක්ම විය.

ඔබට දීර්ඝායු! සර් ඩේවිඩ්!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...