සිංගප්පූරුවේදී අද ප්‍රථම වරට එක්ස්ප්‍රස් පර්ල් නඩුව කැදවයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදු වූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක් හමුවේ පැවරූ නඩුව අද (09) පළමු වරට කැඳවීමට නියමිතව තිබෙන අතර ,  සිංගප්පුරු මහාධිකරණය හමුවේ නඩුව කැඳවනු ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය .

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එරට නීතිඥ සංගමයක් පෙනී සිටීමට නියමිත වන අතර , එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදු වූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා, සිංගප්පූරු අධිකරණයක් හමුවේ පසුගිය 26 වැනි දා නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර , ඒ සිංගප්පූරුවේ නීතිඥ සමාගමක් මගිනි.

අදාළ වන්දි මුදල් ප්‍රමාණය පිළිබඳව ඉදිරියේදී අධිකරණයට දැනුම්දීමට නියමිත බව නීතිපති දෙපාර්තමේන්තුව පැවසූ අතර , ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් කැඳවීමට ද පියවර ගෙන තිබේ.

සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ 2021 මැයි 20 වැනි දා ඇති වූ ගින්නෙන් මෙරට සාගර පද්ධතියට දැඩි බලපෑමක් කළේය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හතර වරම් ගහන හතර කවුද? ශම්මිගෙන් ක්‍රිකට්වලට විරුද්ධ පාර්ශවය ගැන උණුසුම් ප්‍රකාශයක්

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: නවීකරණය වෙමින් පවතින කොළඹ...