පකිස්තානයේ සහ ඉන්දියාවේ ක්‍රීඩාවට හරහට එන වෛරය

Date:

නිශ්මං රණසිංහ මැයි 10, කොළඹ LNW:

ක්‍රීඩාවේදී සියල්ලෝ මිත්‍රයෝ වෙති.දේශ සීමාවන් හෝ වෙනත් මායිම් ඉක්මවා ගිය ආදරණිය සිප ගැනීම් වැළඳ ගැනීම් එහි ඇත.සාමකාමීත්වය,සුහදශිලීත්වය පදනම් කර ගත් ලෝකයම එක යායක් කළ හැකි ක්‍රීඩාවට බාධක වැටෙමින් මේ වන විට ඉන්දිය පකිස්තාන ගැටීම් ඉහළ යමින් ඇත.
ඒ අතර ලෝකයේ ප්‍රධානම සහ වැඩිම මුදල් ප්‍රමානයක් ගැවසෙන අයිපීඑල් ක්‍රිකට් තරගාවලිය මේ වන විට පකිස්තානයෙන් එල්ල වන යුද ප්‍රහාර හේතුවෙන් නැවතී ඇත.එය සතියකට යැයි කීව ද,හරියටම විශ්වාස නැත.එසේම සියළුම විදෙස් ක්‍රීඩකයින් තව දුරටත් එම තරගාවලිය සමඟ එක්ව සිටීදැයි කීමට අපහසුය.සියල්ලටම මුදල්වලට වඩා ජීවිතය වටින බව සහතිකය.


එසේම පකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලියද මේ වන විට අත හැර දමා ඇත.ඊට ආසන්නම හේතුව රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමය.රටවල් දෙකම තමන්ට විශාල ඉපැයීමක් ඇති ප්‍රධාන ජාත්‍යන්තර වටිනාකමක් තියෙන ක්‍රීකට් තරග දෙකක් අත හැර ජීවිත විනාශ කර ගනිමින් සිටියි.රටේ ධනය වෙඩි බෙහෙත්වලින් පුළුස්සා දමමින් සිටියි.සල්ලි හොයන්න පුළුවන් ආදරය මිත්‍රත්වයේ මාර්ගය වෙනුවට රටේ පාලකයින් තමන්ගේ දේශපාලන පැවත්ම වෙනුවෙන් ජීවිතත් ධනයත් විනාහ කරමින් රටේ ජනතාවට දුප්පත්කමත්,නූගත්කමත් ඉතිරි කර ඒ මතින් බලය රැක ගන්නට වෙර දරමින් ඇති බව පමණක් කිව හැකියි.
ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමට ප්‍රහාරයක් එල්ලවීමෙන් අනතුරුව පකිස්තානය සිය රටට ක්‍රිකට් කණ්ඩායමක් ගෙන්වා ගැනීමට නොහැකිව ලත විය.1996 ලංකාවේ ලෝක කුසලාන තරග සඳහා පැමිණීමට කණ්ඩායම් අකමැති විය.සමහර තරග සඳහා ඒම ප්‍රතික්ෂේප කිරීම මෙන්ම තරග අතරමඟ අත හැර දමා නැවත සිය රට වෙක කණ්ඩායම් ගිය අත්දැකීම් ද ලංකාවේ අපිට ඇත.මේ අත්දැකීම සමහර විට ඉන්දියාවටද විඳින්නට විය හැකියි.ලෝකයේ ක්‍රිකට් සල්ලිකාරයා වුණාට සල්ලි මත්තේ ජීවිතය අනතුරට හෙලීමට කිසිඳු ක්‍රීඩකයෙකු කැමති නොවනු ඇත.
ඡායාරූපයේ දැක්වෙන්නේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයට එල්ල වූ ප්‍රහාරයට අදාළ ඡායාරූපයි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...