රටිනුත් එළවා දැමූ ඒකාධිපති මාකෝස්ගේ පුත්‍රයා පිලිපීන ජනතාව විසින්ම ජනපති පුටුවේ හිඳුවයි

Date:

ඊයේ පැවති පිලිපීන ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයත් අත්පත් කර ගැනීමට බොන්ග්බොන්ග් මාකෝස් ජූනියර් සමත් වී තිබෙනවා. ඔහු මිලියන 18 කට අධික පිලිපීනුවන්ගේ විස්වාසය දිනා ගැනීමට සමත් වී ඇති අතර ඔහුගේ ප්‍රතිවාදිනිය වූ හිටපු උප ජනාධිපති ලෙනී රොබ්‍රේඩෝට ලබා ගැනීමට හැකිව තිබෙන්නේ ඡන්ද මිලියන 8.5 ක් පමණි.

පිලිපීන PEP පක්ෂය නියෝජනය කරමින් ජනපති සටනට ඉදිරිපත් වූ 64 හැවිරිදි බොන්ග්බොන්ග් මාකෝස්, හිටපු ඒකාධිපති නායකයෙකු වූ ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ එකම පුත්‍රයායි.

පිලිපීන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ෆර්ඩිනැන්ඩ් මාකෝස්ට 1989 වසරේදී රටින් පලායාමට සිදු වූයේ ජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙනි. ජනතාව පීඩාවට පත්කළ ඒකාධිපතියෙකු වූ මාකෝස් හවායිහිදී හෘදයාබාධයක් හේතුවෙන් හවායිහිදී මිය ගියේය.

මාකෝස්ටත් වඩා ජනතා විරෝධය එල්ල වූයේ ඔහුගේ බිරිඳ වූ ඉමෙල්ඩාටයි. ඇය පිලිපීන ජනතාවගේ මුදල් මිලියන ගණන් වැය කරමින් ඉතා සුපිරි ජීවිතයක් ගතකළ අතර සිතූ සිතූ පරිදි ජනතා මුදල් භාවිතා කළේය.

කෙසේ නමුත්, දශක තුනකට මදක් වැඩි කාලයක් ගතවෙද්දී පිලිපීන ජනතාව නැවතත් මාකෝස් පාලනයක් අපේක්ෂා කර තිබෙනවා. බොන්ගේබොන්ග් මාකෝස් 2010 වසරේ සිට 2016 වසර දක්වා පිලිපීන සෙනෙට් මණ්ඩලය නි‌ොය්ජනය කළ අතර ඊට පෙර 1998 – 2007 කාලසීමාව තුළ ඉලොකෝස් නෝටේ ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කර තිබේ.

ජනාධිපතිවරණයට සමගාමීව උප ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහාද මැතිවරණය පැවැත්වෙන අතර බොන්ග්බොන්ග්ට සහාය පළකරමින් උප ජනාධිපති තරගයට ඉදිරිපත් වූයේ වත්මන් ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේගේ දියණිය වන ඉන්ඩේ සාරා ඩුටර්ටේය. ඇය 2010-2013 සහ 2016 සිට මේ දක්වා ඩාවෝ නගරාධිපතිවරිය ලෙස කටයුතු කළාය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!

කොළඹ LNW:මෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක...

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...

වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!

කොළඹ LNW:මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (05) දිනයේදී...

භුපින්දර් හැදුව පිත්ත ලෝකයක් දිනන්නට තරම් ශක්තිමත් විය

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: වඩු කාර්මිකයෙකු වන මොහාලි හී...