යුධ හමුදා ආරක්ෂාව තිබියදීත් ඥානක්කාගේ ගෙදර, දේවාලය සහ හෝටලය ගිනිබත්

Date:

රාජපක්ෂ පවුලේ ජ්‍යේතිෂ්‍ය කටයුතු භාරව සිටින ‘ඥානක්කා’ගේ අනුරාධපුර ඉසුරුපුර පිහිටි නිවස, දේවාලය සහ හෝටලය සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කර ඇත.

අද අළුයම් කාලයේදී එහි කඩා වැදුණු විරෝධතාකරුවන් විසින් මෙම ගිනිතැබීම් සිදුකර තිබේ.

මෙවැනි සිද්ධියක් ඇති වේ ය යන සැකය නිසා යුධ හමුදාවේ 200 කට ආසන්න පිරිසක් ද ආරක්ෂාව සඳහා යොදවා තිබූ බව වාර්තා‌ වේ.

අද අළුයම 1 ට පමණ මුලින්ම ඥානක්කාගේ නිවසට කඩා වැදුණු අවස්ථාවේදී යුධ හමුදාව නිවස ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබිණි.

නමුත් නිවසේ බැම්ම කඩා දැමීමට ඔවුන් සමත් ව තිබේ.

පසුව නිවසට ඇතුළු වී නිවස කොල්ල කා එහි තිබූ බඩුභාණ්ඩ ප්‍රදේශවාසීන්ට බෙදා දී ඇති බව ද වාර්තා වේ. අනතුරුව නිවසට ගිනි තබා ඇත.

අනතුරුව දේවාලය සහ නවනුවර මාර්ගයේ පිහිටා ඇති හෝටලයට ඔවුන් කඩා වැද තිබේ. යුධ හමුදාව විසින් ගොඩනැගූ බවට සැලකුණු මෙම හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ කර දමා ඇත.

ආරක්ෂක අංශ, දේවාලයට හා හෝටලයට ආරක්ෂාව ලබාදීමෙන් ඉවත් වී සිටි බව ද මේ අතර වාර්තා වේ.

නිවස
හෝටලය

ඡායාරූප – වන්නි රොමේෂ් මධුසංක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුන්දර් පිචායි නිල වශයෙන් බිලියනපතියෙකු බවට පත් වේ

සටහන: සශිකලා මධුෂාණි ජුලි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගූගල් හිමිකාරීත්වය දරන...

එක්ස්ප්‍රස් පර්ල් නඩු තීන්දුව අධ්‍යනය කිරීමට නීතිපතිගෙන් කමිටුවක්

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිබත් වූ එක්ස්ප්‍රස් නෞකාව සම්බන්ධයෙන්...

අපි එහෙම මිනිස්සු ….

උදම් රළ නැඟී විත්ජීවිතේ කඳු මුදුන් තිගැස්සූරිදුම් හැදුවේ අපියිඅපි...

කොඩි දාන්ට ලයිට් කණු බඩගාන අය හිතන් ඉන්න දේ සහ ඇත්තටම වෙන දේ ….

ඕනෑම දේශපාලන පක්ෂයක කොඩිවැල් අදින්ට ලයිට් කනු දිගේ බඩගාන...