වටරැක බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතුරුදන් – ඊයේ පහරදීමට යොදා ගත්තාද ?

Date:

වටරැක බන්ධනාගාරයේ රඳවා සිටින බන්ධනාගාර රැඳවියන් 58 දෙනෙකු අතුරුදන් වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසනවා.

මෙම රැඳවියන් පිරිස කොල්ලුපිටිය ඉදිකිරීම් ආයතනයක සේවයේ යොදවා ඇති අතර ඊයේ පස්වරුවේ ඔවුන් නැවත බන්ධනාගාරයට ප්‍රවාහනය කරමින් තිබියදී මාලබේ තලාහේන ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරය අතරතුර අදාල රැඳවියන් පිරිස මගහැරී ඇති බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කරන්නේ.

මෙම රැඳවියන් සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් ඔවුන්ට කිසිදු හානියක් සිදු නොකර ලඟම ඇති පොලිස් ස්ථානයට බාරදීමට කටයුතු කරන ලෙස උපුල්දෙනිය මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, ඊයේ ගෝඨා ගෝ ගම විරෝධතාවයට එල්ල වූ ප්‍රහාරය සඳහා බන්ධනාගාර රැඳවියන් භාවිතා කර ඇති බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කරන්නේ. එවැනි කිසිදු නීතිවිරෝධී කටයුත්තක් සඳහා මෙම රැඳවියන් යොදාගෙන නොමැති බවද ඔහු වැඩිදුරටත් පවසනවා.

බන්ධනාගාර කොමසාරිස්වරයා නිකුත් කර ඇති නිවේදනයක මෙම කරුණු සඳහන් වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...