ආණ්ඩුකාරවරුන් පත්කිරීම චීන සංචාරයෙන් අනතුරුව !

Date:

නව පළාත් ආණ්ඩුකාරවරුන් පත්කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයෙන් අනතුරුව සිදුකෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

පළාත් ආණ්ඩුකාරවරුන් 9 දෙනා අතරින් 4 දෙනෙකුට සිය තනතුරුවලින් ඉල්ලා අස්වෙන ලෙස ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇති බව මීට දින කිහිපයට පෙර වාර්තා වුවත් මෙතෙක් ඒ කිසිවකු ඉල්ලා අස්වී නොමැත.

මේ අතර පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාමය බලයක් නොමැති බවක් හිටපු අගවිනිසුරු සරන් එන්. සිල්වා මහතා ප්‍රකාශ කර තිබිණි.

හිටපු අගවිනිසුරුවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම සඳහා කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයාගේ චීන සංචාරයෙන් අනතුරුව ලැබෙනු ඇති බවත් ඉන් අනතුරුව ආණ්ඩුකාරවරුන් පත්කිරීමේ කටයුතු සිදුකෙරෙනු ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරය එළඹෙන සැප්තැම්බර් මාසයේදී සිදුකිරීමට නියමිත බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්ත්‍රී පුරුෂභාවය හා දේශගුණ විපර්යාසවලදී යුක්තිය ජාත්‍යන්තර සමුළුව ඇමති පන්නිලගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:නවෝත්පාදන සමාජ සංවර්ධනය උදෙසා පදනම (FISD) මගින් සංවිධානය...

ඉහළම දක්ෂතා සමඟ පරාජය වීමේ හේතුව….?

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 11, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ මාල...

අත්අඩංගුවට ගත් UDA හිටපු ලොක්කෝ දෙන්නා ඇප මත නිදහස්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට...