*
Thursday, September 26, 2024
spot_img

Latest Posts

එක්ස්ප්‍රස් පර්ල් සිදුවීම සම්බන්ධයෙන් විශාල සැකයක් පවතිනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ආන්දෝලනාත්මක කතාවක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව තුළින් දැවැන්ත රසායන ද්‍රව්‍ය අප සමුද්‍රීය පරිසයට එකතු වීම නිසා විශාල පරිසර හානියක් පරිසයට සහ ධීවරයන්ට සිදු වූ බවත් මෙයට පෙර නිව් ඩයමන්ඩ් ඛේදවාචකයක් සිදු වූ බවත් මීට මාස කිහිපයට පෙර සිදුවූ ඛේදවාචකයෙන් පසු සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම සඳහා ගත යුතු පියවර නිවැරදිව ගත්තා ද කියා සැකයක් ඇති බවත් මේ සිදුවීම් දිහා බලන විට කුමන්ත්‍රණයක් සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලෝකයේ රටවල් හරිත ආර්ථික හා නීල ආර්ථික ගැන කතා කළත් අප රට තුළ එය වචනයට පමණක් සීමා වී ඇති බවත් එය ඇමතිකම් බෙදා දීමෙන් වඩාත් පැහැදිලි වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය. එදා ගෝඨාභය සිදු කළා සේ කිසිදු වෙනසක් නැතිව වත්මන් ජනාධිපතිවරයා ද කටයුතු කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර සිටියේ නිව් ඩයමන්ඩ් සිදුවීමෙන් පසු රජය විසින් අනාගතය වෙත ගනු ලැබූ තීරණය කවරේද? කියා අසන බවත් පැවසීය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානියට අදාළව අද (10) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

මහජන නියෝජිතයකු ලෙස කිසිදු කෙනෙකුගේ චරිතය ඝාතනය කිරීම අවශ්‍ය නොවුවත් නැවතත් මෙවැනි දෙයකින් රට ආරක්ෂා කිරීමේ පැහැදිලි අරමුණක් තමාට ඇති බව ද විපක්ෂ නායකවරයා පැවසීය. මේ ආණ්ඩුව නිව් ඩයමන්ඩ් ඛේදවාචකයෙන් මෙන්ම එක්ස්ප්‍රස් පර්ල් ඛේචවාචකයෙන් ද පාඩමක් ඉගෙන ගෙන නොමැති බවත් මේ අවිධිමත් ගමන නිසා රටට විශාල පාඩුවක් සිදුවී ඇති බවත් සුහුරු ආණ්ඩුවක් කියා තැන තැන කිව්වත් එය මේ වන විට කටවචනයට පවා සීමා වී ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කාන්දුවක් තිබූ බවට මුල දී අනාවරණය වුවත් එය මෙරට සමුද්‍රීය පද්ධතියට ඇතුළත් වීමට අවසර දුන් පාර්ශ්ව කවුදැයි අනාවරණය කළ යුතු බවත් ලෝකයේ ගුණාත්මක අතින් ඉහළ වරායක් අපිට තිබුණත් මේ අනතුර සිදුවන අවස්ථාවේ එය වැළැක්වීමට අවශ්‍ය උපකරණ නොතිබූ බවත් මේ රජය උත්සාහ කළේ නැව ගලවා ගැනීමට මිස පරිසරය ආරක්ෂා කිරීමට කටයුතු නොකළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අවස්ථාවේ මේ විවාදය නතර කිරීමට විශාල කුමන්ත්‍රණයක් සිදුවූ බවත් තමා කතා කරන්නේ නැව් පාර්ශ්වය නියෝජනය කරමින් නොව රටේ ජනතාව සහ පරිසර පද්ධතිය නියෝජනය කරමින් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan