සජිත්ගේ නායකත්වය පිළිනොගන්න තැනට සමඟිය ගේනවා.ඒ තුරුම්පුව අපි ගහනවා – සේනක ද සිල්වා

Date:

කොළඹ LNW:සමගි ජන බලවේග පක්ෂයේ බලය තමන් වෙත ලබාගැනීමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ස්වාමිපුරුෂයා වන සේනක ද සිල්වා මහතා සඳහන් කරයි.

දුරකථනය ලකුණෙන් ඉදිරි මැතිවරණවලට තරඟ කිරීමට කිසිඳු අවස්ථාවක් සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදෙන අතර ඊට වුවමනා කරන නීතිමය කටයුතු කරමින් සිදු කරමින් සිටින බවයි සිල්වා මහතා පවසන්නේ.

“සමගි ජන බලවේගයේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරියේ දී ආන්දෝලනාත්මක නඩු තීන්දු කිහිපයක්ම එයි. අපි සමගි ජන බලවේගය පක්ෂයේ බලය ලබා ගන්නවා.මේ පක්ෂයේ නායකයා හැටියට මම හිටියා. මම කිව්වා මම ඉල්ලා අස්වෙන්නම් කියලා. මම ඔබට නායකත්වය දෙන්නම් කියලා සජිත්ට කිව්වා. සභාපති ලෙස මම අත්සන් කරලා තියෙනවා. ලේකම් හැටියට ඩයනා මහත්මිය අත්සන් කරලා තියෙනවා. ඊට යටින් තමා සජිත් ප්‍රේමදාසයි, රංජිත් මද්දුමබණ්ඩාරයි අත්සන් කරලා තියෙන්නේ. අපි ලොකු කැප කිරීමක් කළා. ලොකු ගණන්වල‌ට මිලියන 100ට 200ට පක්ෂ විකිණෙන්නේ. අපි එහෙම විකිණුන අය නෙමෙයි. සජිත්ගේ නායකත්වය පිළිනොගන්නා තත්ත්වයකට මේ පක්ෂය ගෙන එන්න පුළුවන්. අපිට අවශ්‍ය වෙලාවට ඒ තුරුම්පුව ගහන්නම්.අපි නඩු දලා තියෙන්නේ. හොඳ ලස්සන නඩු තීන්දු ටිකක් එයි ඉස්සරහට. අපේක්ෂකකමටත් විශාල ප්‍රශ්නයක් තියෙනවා එතුමාගේ. මේ ලකුණෙන්නම් ඉදිරිපත් වෙන්න දෙන්නේ නෑ මහත්තයෝ. එයාලට ඕනේ විදියට මේ පක්ෂය නටවන්න දෙන්නේ නෑ. අපි මේ පක්ෂයේ බලය ගන්නවා.
ඩයනා ගමගේ මැතිණිය ශ්‍රී ලංකාවේ ඉපදිලා අවුරුදු 16 දී තමා එංගලන්තයට යන්නේ. ඒ ගිහින් බ්‍රිටිෂ් පාස්පෝර්ට් එකක් ගත්තා කියලා එයා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වෙන්නේ නෑ. බ්‍රිටිෂ් පාස්පෝර්ට් එක බාර දිලා තමයි ඇය නැවත ලංකාවට එන්නේ. බ්‍රිතාන්‍ය කාන්තාවක් ලෙස මේ ලංකාවට ඇවිල්ලා කරපු සේවයට මම යෝජනා කරනවා ජනාධිපතිතුමාට ඕල්කොට්තුමාට සහ ආතර් සී ක්ලා‍ර්ක් මහතාට පුරවැසිකම දුන්නා වගේ ඩයනාටත් තව අවුරුදු 10ක් ආපස්සට දාලා පුරවැසිකම දෙන්න කියලා. එතකොට ඒ ප්‍රශ්න ඔක්කෝම ඉවරයි. ඩයනා ලොකු සේවයක් කළා. ඩයනාගෙන් පළිගන්න එක නවත්වන්න.
මෙයාට ගෙවපු පඩිනඩි ටික ගන්න ඕනේ කියලා කියනවා මම දැක්කා. බ්‍රිතාන්‍යයෙන් ගෙනැල්ලා මේ පඩියට දැම්මොත් එහෙම ඇබෑර්තුවක් දිලා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ වැඩ කරන්න කියලා අඩු තරමේ ලක්ෂ 100ක් වත් ඉල්ලයි වැඩ කරන්න. ඇත්තටම නඩුවක් ගියොත් පාර්ලිමේන්තුවට වෙනවා ඩයනාට ගෙවන්න. මීට වඩා ලංකාවෙන් ගිහින් යුරෝපයේ වැඩ කරන බස් ඩ්‍රයිවර්ස්ලට ගෙවනවා යුරෝ 5,000ක්”
යනුවෙන් සේනක ද සිල්වා මහතා වැඩිදුරටත් කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...