අගමැතිවරිය මැතිවරණ නීතිය කැඩීම ගැටළුවක් ඒත් ඇගේ තනතුර අහිමි වන්නේ නැහැ – දඩුවම් ලැබෙන හැටි මැතිවරණ කොමසාරිස් ජනරාල් කියයි!

Date:

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් සිදු කර ඇති බවට චෝදනා එල්ලවන අදාළ ප්‍රකාශය ගැටළුවක් වන නමුත් එයට දඩුවම ලෙස ඇගේ තනතුර අහිමි නොවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

අන්තර්ජාලය නාලිකාවක් සමඟ සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ, අගමැතිවරිය මැතිවරණ නීතිය උල්ලංඝනය කළ බව දැන දැනත් අදාළ ප්‍රකාශයේ විකාශනය කළ මාධ්‍ය ද වගකීම් විරහිත ලෙස ක්‍රියා කර ඇති බවයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙහි ප්‍රචාරක කටයුතු අවසන් කිරීමෙන් පසු එළඹෙන නිහඬ කාලසීමාව තුළ දේශපාලන වශයෙන් ජාතික ජන බලවේගය ප්‍රවර්ධනය කරමින් කටයුතු කළ යුතු බවට හරිනි අමරසූරිය විසින් සිදු කරන ලද අදාළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමටද පැමිණිළි ඉදිරිපත් ව ඇති බවත් ඉදිරියේදී අධිකරණය හරහා ඒ සම්බන්ධයෙන් කටයුතු සිදුකරන බවත් සමන් ශ්‍රී රත්නායක මෙහිදී සඳහන් කර තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙංගාල බොක්කේ නව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමේ ලකුණු – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නොවැම්බර් 22 දින පමණ වනවිට ගිනිකොණදිග...

විෂ මත්ද්‍රව්‍යට එරෙහිව ජනපති අනුරගේ දැවැන්ත රැලිය අද තංගල්ලේදී

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍යට එරෙහි "රටම එකට" ජාතික...

හිටපු ජනපති රනිල්ට ඉහළ අධිකරණයක නඩු – නීතිපති දැනුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල 2023 වසරේදී ලන්ඩනයේ සිදුකළ සංචාරයක් සඳහා...