දේශබන්දුට පහර දීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දෙදෙනෙක් හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරයට!

Date:

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෙට (12) දින දක්වා රක්ෂිත බන්ධනාගාගර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය නියෝග කළාය.

සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කරන ලදී.

ඔවුන් දෙදෙනා අද දිනයේ හදුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරිමටද මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළාය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ආවරණ සහිතව අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මෙම සිද්ධියට අදාළ අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙක් අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට අතැළත් කර ඇති බවද පොලිසිය අධිකරණයට දන්වා සිටි අතර එම සැකකරු නිරීක්ෂනය කිරිමෙන් අනතුරුව සුදුසු නියෝගයක් ලබා දෙන බව මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...