ලීනස් ජයතිලක සහෝදරයා සමුගනී ….

Date:

ප්‍රකට වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයකු වූ ලීනස් ජයතිලක සහෝදරයා අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහුගේ දේහය හෙට (12) දිනයේදී ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ (CMU) බාලා තම්පෝ ශාලාවේ තැන්පත් කර තැබෙනු ඇති අතර සවස 04.00ට උස්වැටකෙයියාව නිවසට ගෙන යනු ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු 13 වනදා සවස උස්වැටකෙයියාව පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.

සමසමාජ පක්ෂයෙන් දේශපාලන කටයුතු ආරම්භ කළ ලීනස් ජයතිලක සහෝදරයා නව සමසමාජ පක්ෂයේත්, වමේ හඬ කණ්ඩායමේත් දේශපාලනයේ නිරත වූ අතර විශේෂයෙන්ම වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ කැපී පෙනෙන වැඩ කොටසක් ඉටු කළේය.

ඔහු වාණිජ හා කාර්මික සේවක සංගමයේ සහ එක්සත් කම්කරු සම්මේලනයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළ අතර සිය ජීවිත කාලය පුරාවට සිය වාමාංශික දේශපාලන ස්ථාවරය අත් නොහැර ඒ හා බැඳී සිටි ක්‍රියාකාරිකයෙකු විය.

May be an image of 4 people and people standing
May be an image of 1 person, sitting and standing
May be an image of 1 person and text

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕපා මළගෙදර ගිහින් ….

ජ.වි.පෙ. අධිපරිභෝජනවාදයේ ගිලෙන්ට පටන්ගත්තෙ සන්ධාන දේශපාලනයට ගියාට පස්සෙ.. ඒකාලේ...

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...