ලීනස් ජයතිලක සහෝදරයා සමුගනී ….

Date:

ප්‍රකට වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයකු වූ ලීනස් ජයතිලක සහෝදරයා අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහුගේ දේහය හෙට (12) දිනයේදී ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ (CMU) බාලා තම්පෝ ශාලාවේ තැන්පත් කර තැබෙනු ඇති අතර සවස 04.00ට උස්වැටකෙයියාව නිවසට ගෙන යනු ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු 13 වනදා සවස උස්වැටකෙයියාව පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.

සමසමාජ පක්ෂයෙන් දේශපාලන කටයුතු ආරම්භ කළ ලීනස් ජයතිලක සහෝදරයා නව සමසමාජ පක්ෂයේත්, වමේ හඬ කණ්ඩායමේත් දේශපාලනයේ නිරත වූ අතර විශේෂයෙන්ම වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ කැපී පෙනෙන වැඩ කොටසක් ඉටු කළේය.

ඔහු වාණිජ හා කාර්මික සේවක සංගමයේ සහ එක්සත් කම්කරු සම්මේලනයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළ අතර සිය ජීවිත කාලය පුරාවට සිය වාමාංශික දේශපාලන ස්ථාවරය අත් නොහැර ඒ හා බැඳී සිටි ක්‍රියාකාරිකයෙකු විය.

May be an image of 4 people and people standing
May be an image of 1 person, sitting and standing
May be an image of 1 person and text

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...