Wednesday, November 29, 2023
spot_img

Latest Posts

ආරක්ෂාව වෙනුවෙන් අපි එතුමාව අරන් ගියා – ආරක්ෂක ලේකම්

ආරක්ෂක හේතූන් මත හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාව ත්‍රිකුණාමලය නාවික හමුදා තටාංගනයට ගෙන ගිය බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේය.

ඉදිරි දින කිහිපය තුළ රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් අනතුරුව රාජපක්ෂ මහතාගේ කැමැත්ත මත ඔහු කැමති ස්ථානයකට පිටත් කරවන බවයි ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ.

”නායකයාගේ පටන් හිටපු නායකයෝ,රටේ හැම පුරවැසියෙකගේම ජීවිතය ආරක්ෂා කර දීම අපේ යුතුකම.එතකොට එතුමා හිටපු ස්ථානය ඔබ දකින්න ඇති දහස් ගාණක් වට කරගෙන ගිනිතියාගෙන දැඟලුවා. අපි එදා ඒක නවත්වගත්තා. නමුත් තවදුරටත් එතන ඉන්න එක එතුමාගේ ආරක්ෂාවට සුදුසු නැහැ කියල අපිට තේරිච්ච නිසා එයට අවශ්‍ය පියවර විදිහට අපි එතුමාව ත්‍රිකුණාමලය නාවික තටාංගනයට ගෙන ගියා. නමුත් ඒ සදහටම ඉන්න නෙවෙයි. තව දවස කිහිපයකින් රට සාමාන්‍ය තත්ත්වයට පත්වුණාට පස්සේ එතුමාගේ කැමැත්ත මත එතුමා කැමති ස්ථානයකට අපි පිටත් කර යවනවා.”

අද (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව සඳහන් කළේ.

ASK

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.