ක්ලෝයි ගේ පොප්කෝර්න් සහ නව පන්නයේ කෑම ජාති හඳුන්වා දෙන සෙලිබ්‍රිටීස්ලා!

සටහන – පුලී
මැයි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගු කෙටි ආහාර වන පෑන්කේක්, පැස්ටා සිට පීසා දක්වා අදවන විට පරිභෝජනයට පහසු පරිදි සුපිරි වෙළඳසැල් රාක්කවල එක එක වර්ගයෙන් දක්නට ලැබේ.

ප්‍රසිද්ධියට පත් පුද්ගලයින් ද මෙම ක්‍රියාවට සම්බන්ධ වෙමින් සිටිමින් ඔවුන්ගේ නාමය ඔස්සේ නොයෙකුත් කෑම බීම වෙළෙඳපොළට හඳුන්වා දෙමින් සිටී.

ක්ලෝයි කාර්ඩාෂියන් මීට දෙසතියකට පෙර ක්ලූඩ් ප්‍රෝටීන් පොප්කෝර්න් එළිදැක්වූ අතර, එය ඇය විස්තර කළේ, රසවත් කෙටි ආහාරයක් සහ ඔබේ දවසේ ආරම්භක ජවය ලබා දෙන ප්‍රෝටීන වැඩි කිරීමේ පරිපූර්ණ සංයෝජනයක් ලෙසයි.

ජනවාරි මාසයේදී සැක් එෆ්‍රොන් ප්‍රෝටීන් බහුල කැඳ වර්ගයක් ද මෙලෙස ප්‍රවර්ධනය කළේය. එමෙන්ම කාර්ඩාෂියන්ස් මේ දිනවල ට්‍රෙන්ඩින් යන ක්‍රම්බල් කුකීස් ද ජනප්‍රිය තත්ත්වයක පවතින්නේ ඔවුන්ගේ නම්ගම් සහිතව වෙළෙඳපොළට නිකුත් වූ අයිතමයක් වන හෙයිනි.


නමුත් මෙම වැඩි වූ ප්‍රෝටීන අඩංගු එකි මෙකී ආහාර ප්‍රචාරණයට සහ අලෙවිකරණ උපක්‍රමයක් පමණක්ද නැතහොත් සාමාන්‍යයෙන් මාංශ පේශි ගොඩනැගීමට හෝ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරන්නේ නම් මෙම නිෂ්පාදන සැබවින්ම ප්‍රයෝජනවත්ද? සහ එය අමතර පිරිවැයක් දැරීමට තරම් වටිනවාද? යන පැනයන් ද සමාජයෙන් මතුව තිබේ.

මින්ටෙල් පර්යේෂණ ආයතනයට අනුව, ක්‍රීඩා පෝෂණ අයිතම හැර, ආහාර නිෂ්පාදන දියත් කිරීම්වලින් 8.3% ක් 2025 මුල් මාස තුන තුළ ප්‍රෝටීන බහුලව අඩංගු වන ආහාර බව සනාත විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...