වෙසක් සිරි නැරඹීමට විශාල ජනතාවක් එතැයි අපේක්ෂා කරනවා – ශ්‍රී ලංකා පොලිසිය

Date:

රෂිකා හෙන්නායක

වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවත් , වෙසක් සිරි නැරඹීමට විශාල මහජනතාවක් පැමිණෙතැයි අපේක්ෂා කරනු ලබන හෙයින්, මෙම ප්‍රදේශයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාමක කිරීමට නියමිත බවත් පොලීසිය පැවසීය.

පොලිසිය සඳහන් කළේ, වෙසක් කලාප පවත්වනු ලබන මාර්ගයන්හි පදිංචි කරුවන්ට සහ රෝහල් හා අත්‍යවශ්‍ය සේවා සපයනු ලබන ආයතන වෙත ගමන් කරන වාහන සඳහා අවස්ථානුකූලව ඇතුළුවීමට ඉඩ ලබා දීම සිදුකරනු ලබන අතර, වෙසක් කලාප ක්‍රියාත්මක වන කාලසීමාව තුළ එම ප්‍රදේශවලට කන්ටේනර් රථ, ගල් වැලි පටවන ලද ටිපර් රථ සඳහා ඇතුළුවීමට අවසර නොදෙන බව ය.

රථවාහන තදබදය සාමන්‍ය තත්ත්වයට පත් වූ වහාම සියලුම මාර්ග සමාන්‍ය ලෙස දෙදිසාවටම ගමන් කරවීමට කටයුතු සලසනු ලබන බවත්, මෙම වෙසක් කලාප පැවැත්වෙන කාලසීමාව තුළ බැතිමතුන්ගේ ආරක්ෂාව සහ පහසුව සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්, පොලිසිය සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් සිය 79වන උපන්දිනය දවසේම, එක්සත් ජනපද හමුදාවේ 250 වන සංවත්සරය සමරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ලබන ඡන්දය වෙද්දී විපක්ෂයේ ඔක්කොම හිරේ යවනවා. කවුරුවත් ඉතුරු වෙන්නෑ ඡන්දේ ඉල්ලන්න – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල මීළඟ මැතිවරණය පවත්වන කාලසීමාව වනවිට විපක්ෂයේ...