ට්‍රම්ප්ට සුඛෝපභෝගී ජම්බෝ ජෙට් යානයක් තෑගි ?

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එයාර් ෆෝස් වන් ජනාධිපති ගුවන් යානයක් ලෙස භාවිතා කිරීමට අදහස් කරන සුඛෝපභෝගී ජම්බෝ ජෙට් යානයක් ලබා ගැනීම සඳහා ධවල මන්දිරය කටාර් රාජකීය පවුල සමඟ සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

කටාර් රාජ්‍ය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ, ගුවන් යානය තෑග්ගක් වනු ඇති බවයි.

කෙසේ නමුත්, කටාර් මීට පෙර ද 2018 දී තුර්කියට ලබා දුන් සුඛෝපභෝගී ගුවන් යානයක් තෑගි වශයෙන් ලබා දී ඇති අතර ට්‍රම්ප්ගේ ධූර කාලය අවසානයේ ඔහුගේ ජනාධිපති පුස්තකාලයට මෙම යානය පරිත්‍යාග කරනු ඇති අතර මේ සමබන්ධයෙන් කටාර් ආරක්ෂක අමාත්‍යාංශය සහ එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව අතර සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව ඇමරිකා එක්සත් ජනපදයේ කටාර් මාධ්‍ය උපදේශක අලි අල්-අන්සාරි ප්‍රකාශ කර ඇත.

ජනාධිපති භාවිතය සඳහා ධවල මන්දිරයේ වත්මන් බලඇණියට භාවිතා කරන බෝයිං 747-200B ගුවන් යානා දෙකක් ඇතුළත් වන අතර, එක්සත් ජනපද ගුවන් හමුදාවට අනුව, විශේෂ සන්නිවේදන උපකරණ සහ ස්ටේටරූම්, කාර්යාලයක් සහ සම්මන්ත්‍රණ ශාලාවක් වැනි විශේෂාංග මේ තුළ ඇත.
මෙම ගුවන් යානා 1990 සහ 1991 සිට භාවිතයේ පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් සිය 79වන උපන්දිනය දවසේම, එක්සත් ජනපද හමුදාවේ 250 වන සංවත්සරය සමරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ලබන ඡන්දය වෙද්දී විපක්ෂයේ ඔක්කොම හිරේ යවනවා. කවුරුවත් ඉතුරු වෙන්නෑ ඡන්දේ ඉල්ලන්න – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල මීළඟ මැතිවරණය පවත්වන කාලසීමාව වනවිට විපක්ෂයේ...