මාලිමාව ගැන ජනතා අපේක්ෂා නැති වෙලා නැහැ.බහුතරයක් සභා පිහිටුවීමේ දේශපාලන සදාචාරමය අයිතිය මාලිමාව සතුයි! (VIDEO)

Date:

කොළඹ LNW:මාලිමා ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා අපේක්ෂාව නැති වී නොමැති බව පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයෙන් පෙන්නුම් කර තිබෙන අතර වෙනත් කණ්ඩායම්වලට තවදුරටත් බලය නොදිය යුතුයි යන පණිවිඩය මැතිවරණ ප්‍රතිඵලයේ පෙනෙන්නට තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා පවසයි.

ප්‍රතිඵලය විද්‍යාත්මක ලෙස විශ්ලේෂණය කිරීමේදී එය පැහැදිලි වන බවයි ගුණරත්නම් මහතා සඳහන් කරන්නේ.

මැතිවරණය ප්‍රතිඵලයට අනුව දේශපාලන සදාචාරය පැත්තෙන් ගත්තද බහුතරයක් පළාත් පාලන ආයතනවල සභාපතිවරු නම් කර සභා පිහිටුවීමේ දේශපාලන සදාචාරමය අයිතිය ජාතික ජන බලවේගයට ඇති බවද ඔහු අවධාරණය කරයි.

ආණ්ඩුව ගෙවුණු මාස පහක පමණ කාලය තුළ ගත් ක්‍රියාමාර්ග තුළ යම් අප්‍රසාදයක් එල්ල වීම ගැන රතු එළියක් ජනතාව විසින් ලබා දී තිබුණද ඒ හරහා පහුගිය මැතිවරණ වලදී ජනතාව විසින් පරාජය කරන ලද බලවේග වලට සුවිශේෂී වරමක් දී තිබෙන බවක් මැතිවරණ ප්‍රතිඵලයෙන් ප්‍රකාශ නොවන බවයි ගුණරත්නම් මහතා තවදුරටත් සඳහන් කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නව...

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වන Anas al-Sharif සහ Mohammed Qreiqeh යනු කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරිදා එනම් ඊයේ...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රා.ස. මන්ත්‍රී වෙඩි වැදී ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: වෙඩි වැදීමකින් බරපතළ තුවාල...

වර්ථමාන මීටර් 400 සහ සුගත්ගේ මිටර් 400

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ...