වෙසක් පෝය නිමිත්තෙන් දළදා වහන්සේ වැද පුදා ගැනිමට දහස් සංඛ්‍යාත සැදැහැවතුන් ශ්‍රී දළදා මාළිගාවට!

Date:

කොළඹ LNW:වෙසක් පුර පසළොස්වක පෝය දින නිමිත්තෙන් දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීම සඳහා දහස් සංඛ්‍යාත සැදැහැවතුන් ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙමින් සිටියි.

තිලෝගුරු බුදු රජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරනු වස් ශ්‍රී දළදා මාලිගාව සහ සිව් මහා දේවාල කේන්ද්‍ර තොට දාන ශීල භාවනාදී පුණ්‍ය කර්ම අද දිනය පුරා පැවැත්වේ.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේ ආගමික වැඩසටහන් ක්‍රියාත්මකයි.

සිරි දළදා වරුණ වෙසක් පෝය දින සීල වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ඓතිහාසික මඟුල් මඩුවේදී තේවාවභාර නායක හිමියන් වන අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභික පූජ්‍ය උරලෑවත්තේ ධම්මරක්ඛිත නායක හිමියන්ගේ මෙහෙයවීමෙනි.

වෙසක් පුර පසළොස්වක පෝය නිමිත්තෙන් මහනුවර තපෝවන විහාරය, බහිරවක්න්ද ශ්‍රී මහ බෝධි විහාරය, ගැටඹේ රාජෝපවනාරාමය ඇතුලු සියලුව විහාරස්ථානවල ආගමික වැඩසටහන් ක්‍රියාත්මකය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...