*
Monday, May 12, 2025
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවේ පන්දු රැකීමේ වැරදිවලට ඉන්දියාවෙන් දරුණු දඬුවමක්

නිශ්මං රණසිංහ මැයි 12, කොළඹ LNW:

ශ්‍රී ලංකාව පන්දු රැකීමේ දී කරන ලද අතපසුවීම්වලට කදිම දඩුවමක් දෙන්නට ඉන්දියාව සමත් වුණා.සර්වෝ කාන්තා තුන්කොන් එක්දින තරගාවලියේ අවසාන තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායමට ලකුණු එකතු වෙන්නටත් පෙර ප්‍රටිකා රාවල් දවා ගන්නට ලැබුණ අවස්ථාවක් හර්ෂිතා සමරවික්‍රම අතින් ගිලිහී යනවා.එය තරමක් අසීරු වුවත් ජයග්‍රහණය වෙනුවෙන් රැක ගත යුතුව තිබුණ උඩ පන්දුවක්.ඒ නිසා පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 70 ක් දවා දිව යමින් පසුපෙළට නිදහසේ හැසිරෙන්නට අවශ්‍යය මානසික සහ කායික නිදහස ලැබෙනවා.


මේ ලකුණු 70 දක්වා ලකුණු පූවරුව ගමන් කරන්නට පෙර සිඳු වුණ විශාලතම වරද වන්නේ පියුමි වත්සලා අතින්.ඇය අතින් ලකුණු 22 ක් ලබා සිටි ස්ම්‍රිටි මන්දනාගේ උඩ පන්දුවක් ගිලිහෙනවා.එය තරමක් පහසු නිවැරදිව කාලය මැනීමේ සහ අවධානය පන්දුව කෙරෙහි පවත්වා නොගැනීම නිසා සිඳුවන වරදක්.ස්ම්‍රිටි එම වරදට දඬුවම් ලබා දෙන්නේ පන්දු 101 න් ලකුණු 116 ක් ලබමින්.ඒ අතර ඇය ලකුනු 120 ක් දෙවන කඩුල්ලට හාර්ලින් ඩියෝල් (47) සමඟ එකතු කරන්නේ ලකුණු වේගයද ඉහළ දමමින්.
මේ ආකාරයට නිදහස් සහ විශ්වසනීය මානසිකත්වයකින් වැඩ කරන්නට පුළුවන් වැඩ බිමක සිතූ ලෙස හැසිරෙන්නට ඇති ඉඩ ප්‍රයෝජනයට ගන්නා නායිකා හර්මන්පීට් කෝර් පන්දු 30 න් ලකුණු 41 ක් සහ ජෙමීමා රොඩ්‍රිගෝස් පන්දු 29 න් ලබන ලකුණු 44 නිසා ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය ලකුණු පූවරුව කඩුලු 7 ට 342 ක් දක්වා ඉහළ නැංවෙනවා. ඉන්දීය කාන්තා කණ්ඩායම එක්දින තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ වැඩිම ලකුණු පූවරුව සටහන් කරමින් ශ්‍රී ලංකාවට දෙන අභියෝගය ලකුණු 343 ක් වෙනවා.
උඩ පන්දුවක් ඕනිම කෙනෙක්ගෙන් අත ඇරෙන්න පුළුවන්.ඒත් ඒක කතාවට ලක්වන්නේ වන හානියට සාපේක්ෂවයි.ඉන්දියාවට එරෙහිව අත ඇරුණු උඩ පන්දු කරපු හානිය සුළු නැහැ.ලකුණු 97 ක පරාජයක්.ඒ වගෙම ඉන්දියානු කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් වැඩිම ලකුණු සහිත එක්දින ඉණිමත් ඊට එකතු වෙනවා.ඒ සියල්ලට වඩා හොද තත්ත්වයක හිටිය ශ්‍රී ලංකාවට සර්වෝ කුසලානය ගන්න තිබුණ අවස්ථාව නැති වෙනවා.


ශ්‍රී ලංකාවට ලකුණු 342 පීඩනයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.තරගාවලිය පුරාම වගකීමෙන් පිත්ත හසුරුවන ලද හසින් පළමු ඕවරයේදීම ලකුණු නොලබා දැවී යන්න අමන්ජොට් කෝර්ගෙ පන්දු යැවීම වගේම හසිනි ගෙ පීඩනයත් හේතු වන්නට ඉඩ තියෙනවා.
ඒත් මෙවැනි තරගයක් වුව ජයගත හැකි එක් සාධකයක් වෙනුවට දැන් සාධක දෙකක්ම ශ්‍රී ලංකාව සතුව තිබෙනවා.ඒ චමරි අතපත්තුට පසුව හර්ෂිතා සමරවික්‍රමයි.ඔවුන් දෙදෙනාම දැවී ගිය ආකාරය ගැන සෑහීමකට පත්වෙන්න බැහැ.චමරි ලකුණු 51 ට වගේම හර්ෂිතා ලකුණු 26 ට දැවී යනවා.එසේම නිලක්ෂිකා ද සිල්වා (48) ද මෙවැනි ලකුණු ප්‍රමාණයක් හඹා යාමේදී අමතක කළ නොහැකි මෙහෙයක් කළ හැකි චරිතයක්.මේ තරගාවලියේදී හඳුනාගත් දෙව්මි විහංගා පන්දුවෙන් කැපී පෙණුනම ශ්‍රී ලංකා ක්‍රීඩිකාව වුණා.එහෙත් ඇය අතිශයින් භයංකාර ප්‍රහාරිකාවක්.ඒ වෙනුවෙන් ඇය කළ කැපවීම මදි බව කිව යුතුයි.
සියල්ලටම වඩා මෙවැනි කාර්යයක්දී පිත්තෙන්,පන්දුවෙන් මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින හොඳම පන්දු රකින්නිය ලෙස ද හැඳින්විය හැකි කවීශා දිල්හාරි ඩෙංගු රෝගයට ගොදුරු වීම නිසා ඇති වූ හිස් තැන ද තදින් දැණුන දෙයක්.


නොසැලි ප්‍රහාරයකින් පසුව දිරි ගන්වා නැවත පන්දු යැවීමට කැඳවමින් සිය පන්දු යවන්නන් මෙහෙයවමින් හර්මින්ප්‍රීට් කෝර් කළ මෙහෙය ද අමතක නොකළ යුතුයි.එයින් ආදර්ශ ගත යුතුයි.ශ්‍රී ලංකාව තව දුරටත් තුන් ඉරියව් ක්‍රීඩිකාවන් සොයා ගැනීම ද කළ යුතුයි.සමහර විට මේ තරගයේදි රශ්මිකා සෙව්වන්දි වැන්නියක් සළකා බලන්නට කල්පනා කළානම් එය ද වැදගත් වීමට තිබුණ බවත් කිව යුතුයි.
අවසාන තරගයේදී ද ඉන්දියාව වෙනුවෙන් තරගාවලිය පුරාම කඩුලු දවා ගනිමින් කැපී පෙණුන ස්නේහ රානා ලකුණු 38 කඩුලු 4 ක් දවා ගනිමින් සමස්ත තරගාවලියේ වටිනාම ක්‍රීඩිකාව බවට පත් වුණා.තරගය සම්පූර්ණයෙන් කණපිට හැර වූ ශතකය ඉන්දීය ලකුණු පූවරුවට එක් කිරීමට දායක වූ ස්ම්‍රීටී මන්දනා අවසන් තරගයේ දක්ෂතම ක්‍රිඩිකාව වුණා.


ලකුණු පූවරුවට → https://bit.ly/4jNJyzr
සමස්ත තරගාවලියේ දක්ෂතා සළකද්දි දෙව්මි විහංගා පන්දු යවන්නියන් අතරින් දෙවන තැන සිටියේ තරග 4 දී කඩුලු 11 ක් දවා ගත් සිය පළමු තරගාවලිය නියෝජනය කළ දෙව්මි විහංඟා යි.පිතිකරණයේදී හර්ෂිත සිව්වන තැන සිටිතරරයේ ලකුණු 203 ක් ලබා ගෙනයි.
තරගාවලියේ ක්‍රීඩක දක්ෂතා විමසා බලන්න → https://bit.ly/3F2lQRa

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan