ඉන්දුනීසියාවේ පිපිරීමක්: 13ක් මරුට!

Date:

රෂිකා හෙන්නායක

කල් ඉකුත් වූ හමුදා පතොරම් බැහැර කිරීමේ ස්ථානයක ඉන්දුනීසියාවේ බටහිර ජාවා හි සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දහතුන් දෙනෙකු  ජිවිතක්ෂයට පත්වී තිබෙන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ  , මියගිය අයගෙන් නව දෙනෙකු සිවිල් වැසියන් වන අතර හතර දෙනෙකු හමුදා නිලධාරීන් බවයි.

එරට  හමුදා ප්‍රකාශක ක්‍රිස්ටෝමෙයි සියන්ටුරි කොම්පස් මාධ්‍ය වෙතපැවසුවේ පතොරම් බැහැර කිරීම අවසන් කරන විට එකවරම එම පිපිරීම සිදු වූ බවත් 
සිද්ධියට හේතුව පිළිබඳව හමුදාව විමර්ශනය කරමින් සිටින බවයි.

තවද පුපුරුවා හැරීමේ ස්ථානයට මෙතරම් සමීපව සිවිල් වැසියන්ට අවසර දුන්නේ කෙසේද යන්න විමර්ශනය කරන බවද ඔහු සදහන් කර ඇත.

පසුගිය 2024 වසරේ මාර්තු මාසයේදී, ජකර්තා අසල කල් ඉකුත් වූ පතොරම් ගබඩා කර තිබූ ඉන්දුනීසියානු හමුදා ගබඩාවක දැවැන්ත ගින්නක් ඇති වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පිපිරීම් මාලාවක් සිදුවි තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : හෙට (17) දිනයේදී...

“සෙවණැලි 63 ක් ඔබ පසුපස එනු ඇත”මැසිඩෝනියාවේ විරෝධතාකරුවන් දහස් යුක්තිය ඉල්ලා වීදි බසී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාර්තු...

වසරේ සමස්ත සංචාරක ඉපැයීම් ඉහළට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මෙම වසරේ ජනවාරි...

විදෙස් සංචාරකයන්ට ලංකාව එපා කරවන මෙවැන්නන් සොයා ගැනීමට පොලීසියට සහය වෙමු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : පසුගියදා , ...