රට නොදන්නා ඔහු..

මේ ඡායාරූපයේ ඉන්නෙ දේශපාලකයෙක්.. නමින් උක්කුබණ්ඩා විජේකෝන්..

ඔහු J.R.ජයවර්ධන රජයේ රාජ්‍ය පරිපාලන, පලාත් සභා සහ ස්වදේශ කටයුතු ඇමති .. ප්‍රේමදාස රජයේ ඇගලුම් කම්හල් 200 ව්‍යාපෘතියේ නියමුවා ඔහු..එම රජයේ පේෂකර්මාන්ත ඇමති.1994දි ( වයස අවු 57දී පමණ)ඔහු දේශපාලනයෙන් සමුගන්නවා.

ඉන්පසු ඔහු කාලය ගතකලේ තම බිරිඳ සමඟ .. ඔවුනට සේවකයන් සිටියෙ නැහැ. එන්ජින් ධාරිතාවය 1000cc කාර් එකක් ඔවුනට තිබුනෙ.. රියදුරෙක් හිටියෙ නැහැ. දුර ගමන් ගියෙ three wheeler එකකින් නුවර ටවුමට ගිහින් බස් එකේ..බිරිඳ සමගින් ලඟ පෙට්ටි කඩේට ගිහින් එළවළු මිලදී ගත්තෙ සාමාන්‍ය පාරිභෝගිකයෙක් විදියටමයි..ඔහු හිටපු ඇමතිවරයෙක් බව ලඟපාත කෙනෙක්වත් දැනගෙන හිටියෙ නැහැ. පොල් ත්‍රිකෝණයේ දඹදෙනිය ඡන්ද කොට්ඨාශයේ මන්ත්‍රී තුමා වී සිටි ඔහුට මම ඉඳහිට දිනක මගේ ගෙදර වත්තේ තිබුණ පොල් ගස් කිහිපයෙන් අළුත් පොල් ගිහින් දුන්නම බාරගත්තෙ හරිම සතුටෙන්..මොකද පර්චස් 30 පමණ ගෙදර ඉඩම හැරෙන්නට වෙන පොල්වතු කෙත්වතු ඔහුට නොතිබුණ නිසා..ඒ වගේම පොලොස් ඇඹුලක් ,ගමේ කෑමක් හැදුව දිනක මම ඔහුව බලන්න ගියා …

ඒ ඔහු මගේ ඥාතියෙක් නිසා..ඒත් දේශපාලනයෙන් ඥාතීන්ට උදවු නොකල නිසාම සමහර ඥාතීන් ඔහු අත්හැර තිබුණා..ඇත්තටම ඔහු තමන්ගෙ එකම පුතාටවත් දේශපාලන බලයෙන් රැකියා නොදුන් කෙනෙක්.. ඔහුගෙ පුතු නිරෝෂණ විජේකෝන්..

වසර 8 ක් එක දිගට ශ්‍රී ලංකා බැට්මින්ටන් ශූරයා වී තවමත් නොකැඩුන වාර්ථාවක් තැබූ ඔහු පෞද්ගලික ආයතනයක ඉහල නිලයක් දැරුවෙ ඒ ක්‍රීඩා කෞෂල්‍යය නිසා ලද වරප්‍රසාදයක් ලෙසින් මිස පියාගෙ බලයෙන් නෙවෙයි..ජීවිතයේ සැදෑ සමය සරල මිනිසෙකු ලෙසින් ගෙවූ ඔහු 2016 හදිසි හෘදයාබාදයකින් මහනුවර මහ රෝහලේදි මියයනවා. ඔහු මියගියේ ආත්ම තෘප්තියෙන් පිරුණු ජීවිතයක අවසානයේ..මව්රටට සේවය කල සතුට , රටෙන් හොරා නොකෑමේ නිරාමිස සතුට ඔහුට තිබුණා. ඔහුගෙ අවසාන ඉල්ලීම උනේ කිසිදු අවමගුල් උත්සවයකින් තොරව තම දේහය හැකි ඉක්මනින් තමන් ශිල්පලද පේරාදෙණිය සරසවියට බාරදීම.. නුවර මහරෝහල ඉදිරිපස මල්ශාලාවෙ පැය කිහිපයකට පමණක් රැදවූ ඔහුගේ දේහය බලන්නට දුරබැහැර ඥාතීන්ටවත් ලැබෙන්නෙ නැහැ.ඒ වගේම ඔහුගෙ දේහයට හෝ ඉන්පසුව ගෞරව දක්වන්න කිසිදු දේශපාලකයෙක් එන්නෙ නැහැ.. මොකද දේශපාලනයෙන් ඔහු හදවතින්ම සමුගැනීම..

ඔහු ඡන්දෙන් පැරදී ගෙදර ගියා නොව ඡන්දයකට ඉදිරිපත් නොවී නික්මුණ දේශපාලකයෙක්..එයින් නික්මුණු එතුමන් සැදෑ සමය ගෙවුවේ බුදු දහම ඇසුරේ පමණයි. වැලිමඩ ඡන්ද කොට්ඨාශයේ සරසවි වරම් ලද පලමු සිසුවා ඔහුයි.. දේශපාලනයට පෙර ඔහු දිසාපතිවරයෙක්..

U.B විජේකෝන් සැබවින්ම ලාංකික දේශපාලනයේ මා දුටු කොල නොව සුදු චරිතයයි.

Lakshan Manuranga Facebook පිටුවෙ​න්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ගැන අපිට විශ්වාසයි.තවදුරටත් සංචිත තවත් ඉහළ දමා ගැනීමට හැකිවේවි – මුදල් ලේකම්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2027 අයවැය මගින් ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන...

උතුරු හා නැගෙනහිර නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ ඉදිකළ තවත් නිවාස රැසක් විවෘත වෙයි.

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: 2026 වර්ෂයේදී රජයේ ආධාර...

චීනය ලංකාවේ පොලීසියට අතදෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන්ගේ ධාරිතාව සංවර්ධනය කිරීම...

අයවැයට එරෙහිව අද සරසවි අනධ්‍යන සේවකයින් වැඩවර්ජනයක!

කොළඹ LNW:අයවැයට විරෝධය පළකරමින් අද (25) දිනයේ සමස්ත විශ්වවිද්‍යාල...