*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

මම ස්වාධීන වෙන්නෙ සජිත් අගමැතිකම බාරගත්තෙ නැත්තං තමයි – හරීන්

අගමැතිවරයෙකු සහ ආණ්ඩුවක් නොමැතිව රට තවදුරටත් ගමන් කළහොත් ඉතා අවාසනාවන්ත තත්වයක් ඇතිවනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. එමනිසා විපක්ෂයේ ප්‍රධානතම පක්ෂය වන සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරය බාරගෙන ආණ්ඩුව පිහිටුවිය යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

මේ සම්බන්ධ‌යෙන් තමා ඊයේ පැවති සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද සඳහන් කර තිබෙනවා.

අදාල රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත සිදුකළ අදහස් දැක්වීම සම්බන්ධයෙන් මේ වනවිට වැරදි මතයක් සමාජගත වෙමින් තිබෙන බව පෙන්වා දෙන හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ තමා ස්වාධීන වීමට තීරණය කළේ ඉදිරියේදී පිහිටුවන කුමන හෝ ආණ්ඩුවකට හේත්තු වී තනතුරු ලබා ගැනීමට හෝ වෙනත් ලාභ අපේක්ෂා බලාපොරොත්තුවෙන් නොවන බවයි.

මෙම අර්බුදකාරී අවස්ථාවේදී සියලු ගැටලු පසෙක තබා ජනතාව වෙනුවෙන් රට බාර ගතයුතු බවත්, සජිත් ප්‍රේමදාස මහතා අගමැති තනතුරට පත්විය යුතු බවත් මන්ත්‍රීවරයා පවසයි. නව ආණ්ඩුවක් පිහිටුවීමට සමගි ජන බලවේගය ඉදිරිපත් නොවන්නේ නම් තමා පක්ෂයෙන් ස්වාධීන වීමට කටයුතු කරන බවද ඔහු පවසනවා.

ඉදිරි සතියේදී රටේ අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය මුදල් හෝ නොමැති තත්වයක් තුළ තවදුරටත් දේශපාලනඥයන්ට පසෙකට වී සිටිය නොහැකි බවත්, සජිත් ප්‍රේමදාස මහතා අගමැති තනතුර බාර නොගන්නේ නම් අවම වශයෙන් අනුර දිසානායක මහතා හෝ ඒ සඳහා ඉදිරිපත් වියයුතු බවත් හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා.

එසේ නොමැති නම් පක්ෂය පසෙක තබා ස්වාධීන වීමට කටයුතු කරන බවත්, ඉදිරියේදී ගොනැගෙන ආණ්ඩුවක් සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට කටයුතු කරන බවත් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පවසනවා.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ අගමැති තනතුරේ දිවුරුම් දීමට නියමිතව තිබෙන බව වාර්තා වේ. ඔහුට සහයෝගය ලබාදීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 20 කට වැඩි පිරිසක් සූදානම්ව සිටින බවටද දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan