*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

ඩබල් ට්‍රිබල් සිය ගණන් ගහන මිත්තනියගේ මුණුපුරා

ඔහු තමන්ගේ ලෝකයට වඩා ක්‍රිකට් විශාල බව දැන ගත්තේය.නමුත් ගෙදර සාලයෙන් දකින ක්‍රිකට් තමන්ගේ ආනන්දය පමණක් නොව ජීවිතය ද කර ගන්නට හැකි බවට ඔහු විශ්වාස කළේය.පාසල් මොරටු මහා විද්‍යාලය ය.අජන්ත මෙණ්ඩිස් මෑත කාලයේ ඉන් බිහි වූ දක්ෂයා ය.ඒ ගැන පුංචි හැඟීමක් ද ඔහුට විය.නමුත් අජන්තගේ කාලයටත් වඩා වානිජමය වි ඇති ක්‍රිකට් ලෝකයේ ක්‍රීඩකයෙක් විදිහට සියලු පහසුකම් විඳින්නට තමන්ට වත්කමක් නැති බව ඔහු හැඳින ගත්තේය.ඒ නිසා අල ලූණු විකුණා පවුල නඩත්තු කරන තාත්තාගේ මහන්සියෙන් ගෙදර පිරවෙන්න නියමිත බඩවල් ගාණට වඩා වැඩි බරක් තමන් වෙනුවෙන් දරන්න යැයි ඉල්ලා නොසිටින්න ඔහු පරිස්සම් විය.පාසලේ සීමිත සම්පත්වලින් උපරිමය අර ගන්නට මෙන්ම එය නොපිරිහෙළා ගන්නට අවශ්‍යය මඟ පෙන්වීම දෙන්නට ඔහුට ආදරණිය පුහුණුකරුවෙක්ද විය.


පුහුණුකරු ප්‍රසන්න දිසානායක ය.අපගේ කතා නායකයා නිශාන් මධුශ්ක ය.
වෙළදාමකින් පවුලක් බර සැහැල්ලු කරන තාත්තාටත් දරුවන් හතරදෙනෙක් එක්ක හැප්පෙන අම්මාටත් නිශාන්ගේ ක්‍රිකට් සිහිනයට කණවැල අල්ලන්නට වෙලාවක් සොයා ගැනීම දුෂ්කර කාර්යක් විය.ඒ වගකීම ගන්නේ ආචිචිය.ගෙදර නිශාන්ගේ ක්‍රිකට් සඟයා ආච්චි ය.තරග නරඹන්න යන්නේ පුහුණුවට යන්නේ මේ සියල්ල පිටුපස සිටියේ ආචිචිය.නමුත් මුණුපුරාගේ සිහිනයේ දිග පළල යථාර්තයක් වෙද්දි මැන බලන්නට ඇය ජිවත් වූයේ නැත.
මට නවසීලන්ත සංචාරයට යන්න ෆ්ලයිග්ට් එකට නඟින කොටත් ආචිචි මතක් වුණා.ටෙස්ට් දෙසීය ගහද්දිත් ආච්චි මතක් වුණා.දුක හිතුණාට සතුටුයි.එයා මගෙ පස්සෙ ඇවිත් මහන්සි වෙච්චි එකේ ප්‍රතිපල මං එයාට දීලා තියෙනවා.
නිශාන් වචන පෙළ ගැස්වීම ආරම්භයේදිම සසැලෙන වචන ඇයගේ මතකයට ගෞරව පිණිස පුද දෙන්න අමතක නොකළේය.

මට ඉවසන්න පුළුවන්කම තිබුණා.මට ක්‍රිකට්වලදි ගොඩක් අඩු පාඩුකම් තිබුණට ඒව ඉවසගෙන දස්කම්වලින් පොහොසත් වෙන්න ඉවසීම පොඩි කාලේ ඉදලම තිබුණා.තියෙන දෙයින් පිරිමහ ගෙන හොඳටම ක්‍රීඩා කරන එක මිස ගෙදරට වදයක් වෙලා දකින දකින දේ ඉල්ලන්න ගියේ නැහැ මං.ඒකට ප්‍රසන්න ස්ර්ත් ගොඩක් බලපෑවා.මා එක්කම හිටියා.
භාහිර පෙනුම ගැන වෙහෙසෙන සහ එය මානසික වදයක් කර ගන්න බොහෝ අලුත් පරපුරේ ක්‍රීඩකයන්ට නිශාන්ගේ ඒ වචන පාඩම් මාලාවක් බඳුය.
මම 19 න් පහළ ටුවර් එකට සිලෙක්ට් වුණාම ඇඩිඩාස් එකෙන් ස්පොන්සර් ෂිප් එකක් හම්බ වුණා.එතකම් ඉතිං මට කියලා විශේෂ දේවල් හෙව්වෙ නැහැ
එහෙත් ඔහු ලැබෙන දෙයින් විශේෂ දේවල් කිරිමේ උනන්දුවෙන් නොනැවති වෙහෙසුනාය.
19 න් පහළ ගහන්න ආපු චාන්ස් එක තමයි ටර්නින් පොයින්ට් එක.එතනදි මං ලෝකයේ ක්‍රිකට් තියෙන තැන දැක්කා.ගොඩක් දේවල් බලං ඉදලා ඉගෙන ගත්තා.

නිශාන් අනතුරුව පළමු පෙළ තරගවලදී ත්‍රිත්ව ශතකයක්ද එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව ද්විත්ව ශකයක් සහ ශතකයක්ද ලබා ගනිමින් ජාතික ටෙස්ට් කණ්ඩායමට කිට්ටු කළේය.එහිදි මුහුණ දුන් තෙවන ටෙස්ට් තරගයේදීම නිශාන් මධුශ්ක නමට ද්විත්ව ශතකයක් ලියැවිණි.
ඒ දෙසීය ගහන්න මට දිමුත් අයියයි – කුසල් අයියයි ගොඩක් උදව් කළා.දෙන්නම පහසුවෙන් මගේ ගේම් එක ප්ලේ කරන්න නිදහස දීලා හිත හැදුවා.කුසල් අයියත් මොරටුවෙ නිසා මම කොහොමත් දන්නවා.ඒකත් ඉතිං අපි දෙන්නට පහසුවක් වුණා හොඳ පාර්ට්නර්ෂිප් එකකට යන්න.හොඳට කතා කරලා,බයක් නැතුව ගහන්න ලැබුණා.

එසේම නවසීලන්ත සංචාරයේදී වේගවත් තණතීරු තුළ තමන්ට ලැබුණ පළමු ටෙස්ට අභියෝගයේදී නිශාන් පවසන්නේ සිතූ තරම් සාර්ථක නොවුණ ද,අනාගතය වෙනුවෙන් බොහෝ දේ දායාද ලෙස ලැබුණ බවය.කණ්ඩායම් සඟයන්ගෙන් ලැබෙන සහය වගෙම පුහුණු කාර්ය මණ්ඩලයද තමන්ට අලුත් කියන හැඟීම ඇති නොවන විදිහට තරගයට සූදානම් වෙන්න දෙන උපකාර මෙන්ම සුහදව යම් යම් කාරණා කතා කර දෙන අවවාද ද හෙට ගැන සුභවාදිව දැකීමට මඟ පෙන්වන බව නිශාන්ගේ අදහසය.
බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රිකට් සදහා පිවිසුන වහා විවිධ ව්‍යාපරවලට යොමු වන බැවින් නිශාන් ද එවැනි ප්‍රවේශයක් ගබා ඇද්දැයි අපි විමසිලිමත් වුණෙමු.
අනේ නැහැ.මම ජෝන් කීල්ස් එකට කොන්ත්‍රාත් පදනම මත ප්ලේ කරන්නනම් එකතු වුණා.ඒ හැරෙන්න මම මොනව හරි දෙයක් ගැන හිතන්නෙ මගෙ අම්මටයි තාත්තටයි හොඳට පහසුවෙන් සැපෙන් ජීවත්වෙන්න තැනක් අරගෙන දීලා ඉවර වෙලා තමයි.ඒ දෙන්න අපි හතර දෙනා වෙනුවෙන් ගොඩක් දුක් වින්ද,අදටත් අයියගෙ දරුවා එක්ක වෙහෙසෙන්නෙ අම්මා.

පවුලේ බර ඇදීමෙන් තාත්තා තවමත් ඉවත් වෙන්නට කැමති නැති බව නිශාන් පවසයි.
එයාගේ ස්වාධීනත්වයනෙ ඉතිං.ගෙදර ඉන්න කිව්වට තවම ඉතිං බිස්නස් කරන්න යනවා.
අම්මා සහ තාත්තා මෙන්ම පවුලේ කිසිවෙක් ඔහුගේ මංගල ද්විත්ව ශතකය මොහොතේ සියැසින් දැක ගන්නට ක්‍රීඩා පිටයේ ඉඳ නැත්තේ ද මේ පවුල වටා කැරකෙන පසුබිම නිසාය.
ඒත් ඉතිං මං දන්නවා එයාලගේ ඇස් ටීවී එකෙන් විතරක් දැක්කට හදවතින්ම ඉන්නෙ පිට්ටනියෙ කියලා.
නිවස ආසන්නයේම වෙසෙන සිය වැඩමහල් සහෝදරයාගේ දරු සිඟිත්තා සමඟ වෙහෙසෙන අම්මා තවම නිශාන්ලගේ බාල කාලේ අම්මා කරපු වැඩ වලින් විශ්‍රාම ගෙන නැත.ඒ නිසා ඒ වැඩ රාජකාරි කරන්නට වඩා හොඳ සැප පහසු පරිසරයක් සහිත නිවසක් අම්මාට සහ තාත්තාට එකතු කර දීම දැන් නිශාන්ගේ අංක එකේ බලාපොරොත්තුවය.

මල්ලිලා දෙන්නම ක්‍රිකට් ගහනවා.ඒ දෙන්නටත් ඉතිං හොඳට සෙල්ලම් කරන්න උඟන්නන්න ඕනි.මේ හැම දෙයක්ම ක්‍රිකට් හින්ද ආව වගේම ඒ ක්‍රිකට් දියුණු කරගන්න උධව් කරපු අයත් ගොඩක් ඉන්නවා.මෑථ කාලයේ මම නියෝජනය කරන රාගම කීඩා සමාජයේ පුහුණුකරු චාමර අබේරත්න සහය පුහුණුකරු අශාන් ප්‍රනාන්දු වගේම රොෂාන් ඉද්දමල්ගොඩ,රොෂාන් අබේසිංහ වැනි අයත් කණ්ඩායම් කළමණාකරු හිරාන් සහ තමන්ගේ කළමණාකරු විදිහට කටයුතු කරන අමිල කළුගලත් නිශාන් ආදරයෙන් සිහියට නඟන්නේය.
මොරටු ස්කෝලෙට ගහන කාලෙ ඉදලා ගමේ මිනිස්සුයි ස්කොලේ යාළුවො ගුරුවරු මේ හැම කෙනෙක්ම මං හොඳට ගහනවට ආසයි.ආශිර්වාද කළා.සමහර වෙලාවට මට පෙන්නුවෙ නැති වුණාට අමාරුකම් වහගෙන මට උදව් කරපු අවස්ථා ගෙදරදි මට දැනිලා තියෙනවා.ඒ නිසා මං සාර්ථක වෙන හැම මොහොතකම ඒ උදව් කරපු පවුරෙ හයියත් මගෙ ඉණිම්වල තියෙනවා.

නිශාන් සිය තුති පිදුම්වලට බොහෝ අය නම් ගම් නැතිව වුව ද කැඳවයි.
අවුට් වෙන්නෙ නැතුව ඉන්නෙ කොහොමද කියන එක තමයි මගෙ පළවැනි වැඩේ.අවුට් නොවි ඉන්න කොට ලකුණු එනවා.සම්පූර්ණයෙන් මං තරගෙ අවධානයෙන් වැඩ කරන්න හුරු වුණා.මට තිබුණෙ මගෙ ක්‍රිකට් ආශාවන් වෙනුවෙන් හැම දේම තියෙන තත්ත්වයක් නෙමෙයි.ඒ නිසා මං ලැබෙන එකම අවස්ථාවක්වත් අත අරින්නෙ නැතුව සෙල්ලම් කරන්නමයි බැලුවෙ.
නැතිකමත් යම් හැකියාවක මාර්ගය පෙන්විය හැකිය.නිශාන් කියන්නේ එයය.ළඟ ළඟ ත්‍රිත්ව ශතක, ද්විත්ව ශතක ලබමින් ටොන් ගණන් බර රස ඉණිම් ගොඩ නඟන නිශාන් හෙට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් බොහෝ වගකීම් පැවරුණු පිතිකරුවෙක්ය.ලබෙන ඒනෑම වගකීමක් තරගයකදී හොඳින්ම ඉටු කිරීමට මහත් වෙහෙසකින් කටයුතු කිරීම නිශාන්ගේ ස්වභාවය ය.

කඩුල්ල පිටුපසම ක්‍රිකට් ජිවිතය හුරු කරගෙන සිටි නිශාන් අයර්ලන්ත ටෙස්ට් තරගාවලියේදී ප්‍රශස්ත සේ ඇගයීමට ලක් වුණේ පිතිකරු ආසන්නයේ ෂෝට් ලේග් හී පන්දු රකින්නට මෑත කාලයේ හමු වූ හොඳම පන්දු යවන්ා හැටියටය.
මං විකට් එක පස්සෙ ඉද්දි එක එල්ලෙ හැම බොලේම ක්ෂණිකව දකනවා කියා ගන්නවා.
ඒ හැකියාව වගෙම කඩුලු රැකීම සඳහා හුරු වී තියෙන සිරුරේ නමනීයත්වයත් නිසා නිශාන්ට උඩ පන්දු කරා පහසුවෙන් සමීප වෙන්නට හැකි වූ බව ඔහුගේ විශ්වාසය ය.කලෙකට පසු එක දිගට නොනැවතී ලකුණු ගලන පිත්තක් අතැතිව ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු රැස් කරන්නට ලැබුණු මේ සුවිසල් ක්‍රීඩකයා ගැන වචන තවත් පුරවන්නට අනවැසිය.ඒ තව බොහෝ දේ ලියන්නට ඔහු අකුරු කොටන යතුරු පූවරුවට ආරාධනා කරන බව නිසැක බැවින්ය.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan