අස්වැසුම වැඩසටහනට පදනම් වූ 2002 අංක 24 දරණ පනත එවක බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය ගෙන ආ බවත් ඒ අවස්ථාවේ දී එවක පාර්ලිමේන්තුවේ සිටි බන්දුල ගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන, පවිත්‍රා වන්නිආරච්චි යන මන්ත්‍රීවරුන් මෙයට විරුද්ධ මත ප්‍රකාශ කළත් මේ වන විට වසර ගණනාවකට පසුත් එම ප්‍රතික්ෂේප කළ සියලු දෙනාට මේ පනතට පක්ෂ වීමට සිදු වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
2001 – 2004 ආණ්ඩුවේ රවී සමරවීර ඇමතිවරයා විසින් ගෙන ආ මෙම පනත තුළින් ලබා දෙන ප්‍රතිලාභ දේශපාලන භේදයකින් තොරව සුදුස්සන්ට ලබා දීම අරමුණු වුවත් එවක සිටි බහුතරයක් එයට විරුද්ධ වූ නමුත් වසර 21කට පසු එය පිළිගැනීම සතුටට කරුණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
2022 පෝෂණ මාසයේ දත්ත අනුව වයස අවුරුදු 5ට අඩු කුමන ආකාරයක හෝ මන්ද පෝෂණ ලක්ෂණ පෙන්වන දරුවන් 59761ක් සිටින බවත් පාසල්වල 1-7 ශ්‍රේණිවල දරුවන් අතර 332842ක් සිටින බවත් ලක්ෂ 10කට වැඩි දරුවන් ප්‍රමාණයක් උද්ගත වි ඇති තත්ත්වය තුළ අලුතින් මන්දපෝෂණ කණ්ඩායමට ඇතුළත් වී ඇති බවත් 2022 වන විට කුරු වීම සියයට 9.2ක් බවත් කෘෂ වීම 2022 සියයට 10.1ක් බවත් අඩු බර දරුවන් 2021 සියයට 12.1ක් වුවත් 2022 15.3%ක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මෙවැනි වර්ධනීය තත්ත්වයක් තුළ අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක වුවත් එය මේ වන විට අස්වැසුමකට වඩා ඇස් වැසුමක් වි ඇති බවත් මෙහි අඩුපාඩු රැසක් ඇති බවත් පැවසීය.
මෙහි මුළු වියදම බිලියන 824ක් වුවත් පරිපාලන වියදම් බිලියන 331ක් හෙවත් 40%ක් වී ඇති බවත් මෙය නිවැරදි විය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙම පරිපාලන වියදම් අඩු කර බංකොලොත් රටක් මේ අයුරින් ගොඩගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේම ප්‍රතිලාභීන් තොරන ක්‍රමවේදයේ ද ගැටලුවක් ඇති බවත් ඒ අනුව ප්‍රතිලාභීන් සොයා ගැනීමේ දි විදුලි පාරිභෝජනය මත සැබෑ දුප්පතුන් සොයා ගත හැකි බවට විද්‍යාත්මකව සනාථ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අස්වැසුම වැඩසටහන සාර්ථක කර ගැනීමට විපක්ෂයෙන් පවා උදව් ලැබෙන බවත් 75 වසරක ඉතිහාසය තුළ විපක්ෂයක් කිසිම සංවර්ධන වැඩකටයුතු සිදු නොකළ නමුත් මේ වන විට සමගි ජන බලවේගය විශාල සංවර්ධන වැඩ කරන බවත් එම නිසා මේ අස්වැසුම වැඩසටහන හරහා ජනතාවට සෙතක් වෙනවා නම් ඒ සඳහා ඕනෑම අවස්ථාවක සමගි ජන බලවේගය සහාය පළ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇
