පලස්තීනුවන් වෙනුවෙන් හදවත් එකතු කරන රාජිත!

Date:

කොළඹ LNW:ගාසා තීරයේ ඊශ්‍රායලයෙන් බැට කන පලස්තීනුවන් වෙනුවෙන් සාමාකාමී පාගමනක් ලෝක යුද විරෝධී සන්ධානය විසින් සංවිධානය කර තිබේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය වත්මන් සමඟි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු එම ලෝක යුද විරෝධී සන්ධානයට දේශපාලන පක්ෂ භේදයකින් තොරව සහය ලැබී තිබෙන අතර සිවිල් සංවිධාන මෙන්ම ආගමික ප්‍රජාවද ඒ සමඟ එක්ව සිටියි.

ඒ අනුව පලස්තීනුවන් වෙනුවෙන් හඬ නැගීම සඳහා එළඹෙන 17 වැනිදා දහවල් 02.00ට විහාරමහා දේවී උද්‍යානයේ සමාධි පිළිමය අසලින් පාගමන් සංවිධානය කර ඇත.

ඉතා මිලේච්ජ ආකාරයට පලස්තීනුවන්ගේ මානව හිමිකම් කඩ වෙමින් තිබෙන පසුබිමක එම අසරණ මිනිසුන් වෙනුවෙන් හඬක් නැගිය යුතු වන බවයි සේනාරත්න මහතා සඳහන් කරන්නේ.

”අපි විශේෂයෙන් ගාසා තීරයේ ඊශ්‍රායලයෙන් බැට කන පලස්තීනුවන් වෙනුවෙන් පෙනී හිටින්න පෙලබුනේ විශාල වශයෙන් ඔවුන්ගේ මානව හිමිකම් කඩ වෙනවා. බඩු භාන්ඩ විනාශ කරනවා වගේ අහිංසක මිනිස්සු මරලා දානවා. දෙවැනි ලෝක යුද්ධ කාලෙවත් තිබුණේ නැති මහ මිලේච්ජ ක්‍රම ඔවුන් අනුගමනය කරනවා. අද අහවල් තැනට ගනවා කියලා රෝහල්, නිවාස සංකීර්ණ මුළුමනින්ම විනාශ කරනවා. ඒ මිනිස්සු කොහේ යන්නද. මානවවාදී මිනිස්සු විදිහට කරබාගෙන ඉන්නෙ නැතුව පුළුවන් හැමෝම එක්ක අපි එළියට බහින්න හිතුවෙ ඒ අසරණ මිනිස්සු වෙනුවෙන්.ඇමරිකාව, යුරෝපය, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය,එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගෙන එන යෝජනා විටින් විට කල් දැම්මත් අවසානයේ ඔවුන්ට සිදුවුණා සටන් විරාමයකට යන්න. විශේෂයෙන් සදහන් කරන්න ඕනෙ ඒ රටවල ඉගෙන ගන්න විශ්වවිද්‍යාලවල සිසුන් හාවඩ්, යේල්, ජෝජ් වොෂින්ටන් වගේ, ඔවුන්ට බලපෑමක් නැතත් මහ විශාල රැල්ලක් වගේ ඒ අහිංසක මිනිස්සු වෙනුවෙන් පෙළගැසෙමින් ඉන්නවා වගේම ලෝක බලවතුන්ට දැඩි බලපෑමක් එල්ල කරන්න සමත් වෙලා තියනවා. ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල වසා දැමීමේ තැනට තල්ලු වෙලා. සිසුන් 2400 කට වඩා අත් අත්අඩංගුවට අරන්. ඒවගේම ඊශ්‍රායලයේ අගමැති නෙතන්යාහු විසින් මේ වහාම යුද්ධය නවත්තන්න කියලත් ඔහුට සිය ධූරයෙන් ඉල්ලා අස්වෙන්න කියලත් අපි බලපෑම් කරනවා” යනුවෙන් රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...