ශ්‍රීලනිප සභාපති විජයදාසට බාධා නොකරන්නැයි නියෝගයක්!

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිනව සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (12) දින පත් කර ගැනීමට සහ විධායක සභාව විසින් ගත් තීරණවලට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගැනීම වළක්වාලමින්, වාරණ නියෝගයක් නිකුත් කිරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි වික්‍රමසූරිය මහත්මිය විසින් අද (13) දින නියෝග කල බව සඳහන් වේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අදාල එම තීරණ මත පක්ෂයේ සභාපති විජයදාස රාජපක්ෂ, වැඩ බලන ලේකම් කීර්ති උඩවත්ත සහ දේශපාලන මණ්ඩලයට අදාල කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අවස්ථාව ලබා දෙන ලෙසත් මෙම නඩු කටයුත්ත හැර වෙනත් කිසිදු නෛතික ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් වෙත මෙම වාරණ නියෝගය නිකුත් කෙරුණු බව සඳහන් වේ.

ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් මෙම වාරණ නියෝගය ඉල්ලා මෙම නඩුව ගොනු කර තිබුණු අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගය මැයි මස 27 දින පැවැත්වීට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලිය බිඳ වැටීම් 65,000 ඉක්මවයි!

කොළඹ LNW: අද (28) උදෑසන වන විට විදුලිය බිඳවැටීම්...

පාසල් පැසිපන්දුවේ ආබාධ ගැන අධ්‍යාපන බලධාරීන් ප්‍රතිකර්ම නොයොදන්නේ ඇයි?

නිශ්මං රණසිංහ නොවැම්බර් 28, කොළඹ LNW: පාසල් පැසිපන්දු සංගමයේ ක්‍රියාකාරීත්වය...

හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙස යෝජනාවක්!

කොළඹ LNW:පවතින ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා පමණක් රට...

මේ අසීරු මොහොතේ සියලු දෙනා එක්වන්න – ජනපති පක්ෂ විපක්ෂ සියල්ලන්ගෙන් ඉල්ලයි

කොළඹ LNW: මෙම අසීරු අවස්ථාවේ විපතට පත් ජනතාවගේ ජීවිත...