ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩො.බි.02 සීමාවට!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 13, කොළඹ (LNW): මෙම වසරේ පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන දෙකේ සීමාව ඉක්මවා තිබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ ඇමෙරිකා ඩො. බි. 2.079ක් විදේශ ප්‍රේෂණ ලෙස ලැබී ඇති බවයි. තවද අප්‍රේල් මාසයේ දී පමණක් විදේශ ප්‍රේෂණ ඇමෙරිකා ඩො. මි. 543.8 ලැබී ඇති අතර එය 2023 වසරේ එම කාලයට සාපේක්ෂව 19.7%ක වර්ධනයක් බව සදහන්වේ .

පසුගිය 2023 වසරේ මුල්මාස 4ට සාපේක්ෂව මෙම වසරේ එම කාලය තුළ විදේශ ගත ශ්‍රමිකයන් විසින් එවන ලද විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ද 11.4%ක වර්ධයක් පෙන්නුම් කර තිබෙන බවද පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...