සටහන – නිශ්මං රණසිංහ
මැයි 13, කොළඹ (LNW):ශ්‍රී ලංකාව ජාතන්තරය සමඟ අධ්‍යාපනය සම්බන්ධයෙන් සලමන්කා ගිවිසුමට එකඟ වූ රටකි.එහි දී අප ඒ යටතේ සුභග ඉගැන්නුම් පංති කාමරය සමඟ වෙනස් අවශ්‍යයතා සහිත දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ද සුරකින්න මෙන්ම ඔවුන් ගැන වෙනස් අවධානයකින් කටයුතු කරමින් සාමාන්‍ය පංති කාමරය තුළ අධ්‍යාපනය ලබා දීමට ද කටයුතු කර ඇත. “අන්තර්කරණ අධ්‍යාපන ක්‍රමය” (Inclusive Education) වැඩ පිළිවෙල බොහෝ විට එවැනි වෙනස් දරුවන්ව පංතියේ නිකමට හිඳුවා තැබීමට සීමාවන අවස්ථා වීම ද අප දැක ඇත්තෙමු.එහෙත් ඊට එහා ගිය වැඩ පිළිවෙලකට ගෙන ගොස් එවැනි දරුවන්ට අධ්‍යාපනයෙන් පෙරට යන්න කැපවීමෙන් වැඩ කළ ගුරු මඬුල්ලක උත්සාහය පසුගිය දිනෙක මේ තත්ත්වයන් කිසිවක් පිළිබඳව නොදන්නා නිලධාරිනියකගේ මැදිහත්වීමෙන් වැනසී ගිය පුවතක් අප දුටුවේ වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන්ය.
මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ජාත්‍යන්තර එකඟතා නොසළකා කටයුතු කිරීමක්ය.එවැනි තත්ත්වයකදී අදාළ වැනසීම කළ නිලධාරිනිය නොව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන බලධාරීත්වයම ලෝකයට වගකිව යුතුය.එසේ නොකරන නිලධාරියා ගුරුවරයා සම්බන්ධයෙන් මේ ජාත්‍යන්තර එකඟතා අනුව කටයුතු කරන්නේ නැතිකම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගන්නේනම් ය.එහෙත් මේ රටේ දේශපාලන ආරක්ෂාව යටතේ නිලධාරීන් මෙන්ම විදුහල්පතිවරුන් ද මේ නීතිමය තත්ත්වය නොසළකා කටයුතු කරමින් වෙනස් අවශ්‍යයතා සහිත ප්‍රජාවගේ අධ්‍යාපන අයිතියට කරන බලපෑම් සුලබව දැකිය හැකිය.
ආසන්නම සිඳුවීම ඉහත සඳහන් කළ වත්තල ශාන්ත අනිතෝනි විද්‍යාලයේ සිඳුවීමය.එහිදී වෙනස් අවශ්‍යයතා සහිත දරුවෙකුට එය පදනම් කරගෙන වාචිකව පිළිතුරු බැදීමට තිබුණු අයිතිය මෝඩ උද්ධච්ඡ නිලධාරිණියක විසින් නවතා දමා ඊට ඉඩ දුන් ශාලාධිපතිගේ පවා වැඩ තහනම් කිරීමට පියවර ගැනීමය.
වසර 11 ක් ගුරුවරු මේ වෙනස්කම් මැඩ උගනින්න උපකාර කළ දරුවෙක්.සිය මවගේ කර මතින් පංතියට ඇතුල් වෙන දරුවාගේ අවශ්‍යයතා පංති කාමරය තුළ සොයා බැලූ ආදරණීය සිසු මිතුරන් කැළකගේ ආදරය රැකවරණය මැද හැඳුණ දරුවෙක්.එම දරුවාගේ අයිතියට ගරු කරමින් ඔහු අගය කරමින් ඔහුට සහය වන විභාග රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ට ප්‍රශංසා කරමින් මේ සිඳුවීම සිඳුවන ඉංග්‍රිසි ප්‍රශ්න පත්තරයට පෙර දින දෙකේදී විභාග අධීක්ෂණයට පැමිණි අධ්‍යක්ෂවරුන් කටයුතු කර තිබීමත් මෙයට ඇතුළත් විය යුතුය.
ඇය මේ විභාග ශාලාව නිරීක්ෂණය කරන්නට එන විට එම සිසුවාට වාචික පිළිතුරු ලබා දීමට සහයට ගෙන තිබුණු ගුරුවරයා වැරදි වැඩක් කරන්නේනම් තැති ගැනීම හෝ වහා එම කාර්යෙන් ඉවත්වීම සිඳු වනු ඇත.එසේත් නොමැතිනම් මීට පෙර පැමිණ සිටි නිලධාරීන් අවශ්‍යය දඩුවම් ක්‍රියාමාර්ග ගෙන තිබෙන්නට තිබිණ.සමහර අවස්ථාවලදී ශිෂ්‍යත්වය සාමාන්‍ය වශයෙන් ලියන වයස ඉක්මවා ගියත් වෙනස් අවශ්‍යයතා සහිත දරුවන්ට වැඩි වයසේදී විශේෂ අවසරයකින් එම විභාගයට පෙනී සිටීමේ අවස්ථාව හිමි වෙයි.මේ දරුවා ද ශිධ්‍යත්වය ලියා ඇත්තේ ඒ ආකාරයට සහයකයෙකුගේ ආධාරය ලබා ගෙනය.ඔවුන් වෙනුවෙන් පිළිතුරු ලිවීමට සහය වීමට සහයකයෙක් ද ලබා දීම මැජික් එකක් නොවන සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය ඇතුළේ වෙනස් අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් සකස් කර තිබෙන සහනයකි.ඇත්තටම එය ලෝකය පිළිගත් අයිතියකි.
මේ තරම් පැහිදිළිව වෙනස් අවශ්‍යයතා සහිත ප්‍රජාව වෙනුවෙන් දෙන පහසුකම් සම්බන්ධයෙන් වැඩ කරන්නට වැඩ පිළිවෙලක් තිබියදී,ජාත්‍යන්තරව එකඟ වූ නීතින්,සම්මුති, එකඟතා තිබියදී මේ ආකාරයට ඉහළ නිලධාරීන් වැඩ කිරීම යනු ඔවුන් අධ්‍යාපන කේෂ්ත්‍රයේ හර පද්ධතීන් සහ නීතිමය පසුබිම් සම්බන්ධයෙන් මෙලෝ හසරක් නොදැන අධ්‍යාපන පරිපාලන පුටුවල ඉඳ ගැනීමේන් ඇතිවන විපාක හඳුනා ගැනීමට ඇති පහසුම මඟ මේ සිඳුවීමය.
මීට පෙර ඇවිදීමේ දුබලතා ඇති දැරියකට මානව හිමිකම් උල්ලංඝණය වී ඇති බව පිළිගෙන තීන්දුවක් පවා දී තිබියදී එක්තරා කාන්තා පාසලක විදුහල්පතිවරියක් එය තුට්ටුවකට මායිම් නොකර ඇයට ප්‍රවේශය පහසුවන පරිදි පහළ තට්ටුවේ පංති කාමරයක් ලබා නොඳුන්නාය.ඒ දේශපාලනයට බොහෝ හිතවත්කම් ඇතිව ඇය සිටීම නිසා පෑ උඩඟුකමේ හැඩය ය.
මේ ආකාරයට වෙනස් අවශ්‍යයතා සහිත ප්‍රජාවට පහසුකම් ලබා දීමට එකඟ වූ සලමන්කා ප්‍රකාශයට අත්සන් තැබූ රටක නිලධාරීන් ඔවුන්ගේ අවශ්‍යයතාවය අනුව අධ්‍යාපනයේදී පංති කාමරයේදී ලබා දිය යුතු පහසුකම් සහ විභාගවලගදී ලබා දිය යුතු පහසුකම් නොදැන සහ නොසළකා හරින රටක,සුහුරු පංති කාමරය ගැන කතා කරන්නට වන තත්ත්වයට ලෝකය අපේ අධ්‍යාපනයට බලපෑම් කරමින් සිටියි. “අන්තර්කරණ අධ්‍යාපන ක්‍රමය” (Inclusive Education) නොසළකා හරිමින් පොදු පංති කාමරය තුළ වෙනස් අවශ්‍යයතා සහිත දරුවන්ගේ වෙනස සම්බන්ධයෙන් නම්‍යශීලී වීමට සාමාන්‍ය පෙළ දක්වා කටයුතු කළ ගුරු පිරිසකගේ වෘත්තීයභාවය,මානවීය ගුණාංග පැය කිහිපයකදී විභාග ශෘලාවට කඩා වඳින නිලධාරිණියකගේ මැදිහත් වීමෙන් විනාශ වී ඇත.
එහෙත් සාමාන්‍යයෙන් දැන් පවතින අධ්‍යාපන නීතිය ගැන,එකඟතා ගැන නොදන්නා නිලධාරීන්,විදුහල්පතිවරුන් සමහර විට ගුරුවරුන් මේ රටේ සුභග අවශ්‍යයතා ඇති දරුවන්ට සිඳු කරන අමානුෂික වැඩ තවම නැවතී නැත.වරකහ තත්ත්වය ඒ සම්බන්ධයෙන් නිලධාරීන්ගේ සබඳතා නිසා මෙන්ම දේශපාලන සබඳතා නිසා ද වැරදි කරන පිරිස්වලට ආරක්ෂාවීමට ඇති හැකියාවය.මේ සිඳුවීමේදී සිඳුව ඇත්තේ නිලධාරිණිය තමන්ගේ රාජකාරිය දැන නොසිටීම මෙන්ම තනතුර සම්බන්ධයෙන් ඇය තුළ තිබෙන මෝඩ උද්ධච්ඡභාවය නිසා කරුණු හරි හැටි සොයා නොබැලීමය.එහෙත් විභාග දෙපාර්තමේන්තුව මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශය ද විභාග රාජකාරිවලදී, සෑම රජයේ විභාගයකදීම වෙනස් අවශ්‍යයතා සහිත දරුවන් වෙනුවෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ලිඛිත උපදේශන ක්‍රියාවලියක් විශාග ශාලාවලට යොමු කර තිබෙනවානම් වලං කඩේට පැන්න ගොනුන් සේ හැසිරෙන්නට යන උද්ධච්ඡ නිලධාරීන්ගෙන් බේරීමට දරුවන්ට සහ විභාග රාජකාරිවල යෙදෙන නිලධාරීන්ට එය පහසුවක් වනු ඇත.
අඩුම තරමේ එවැනි වැඩ පිළිවෙලක් තිබුණේ නම් වඳුරාට දැලි පිහිය ලැබුණ ආකාරයට හැසිරෙන නිලධාරිණියට ශාලාධිපතිවරයාට තමන් වැඩ කරේ අධ්‍යාපන අමාත්‍යංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛ සහ උපදෙස් මත කියා කියන්නට තිබිණි.දැනට වැඩ තහනම් කරපු ශාලාධිපතිවරයාට මෙන්ම තවත් එවැනි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව කී විභාග රාජකාරියේ නියුතුව සිටි ගුරුවරු හෝ සිටීනම් මේ අවස්ථාවේ එම නිලධාරිණියට එරෙහිව ශ්‍රී ලංකාවේ අධිකරණයට පමණක් නොව ජාත්‍යන්තර එකඟතා කඩ කරමින් වැඩ කරන්නට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වෙත හෝ යන්නට හැකිය.එසේම ඒ අයට සාධාරණය ඉටු කරවා ගැනීමට ද ඉඩ ඇත.දරුවාට ද එම අවස්ථාව තිබුණත් නිලධාරිණිය විසින් ලිවීම වළක්වන ලද විෂය වෙනුවෙන් සාධාරණයක් සිඳුවන්නේ නැත.විභාග දෙපාර්තමේන්තුව මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයද වහා මැදිහත්ව මේ සිසුවාට සාධාරණය ඉටු කර දිය යුතුය.
එසේම එම සිසුවාගේ පාර්ශවයෙන් රටේ මෙන්ම ලෝක මානව හිමිකම් සංවිධාන නිර්දේශ ද සමඟ නීතිය හමුවනට යන්නේ නම් නිලධාරිනියගේ උද්ධච්ඡකමේ රැස් අඩුවෙන අන්දමේ දැවන්ත වන්දියකට ද යා හැකිය.ලංකාවේ රජයේ පාසල් පද්ධතිය ඇතුළේ තත්ත්වය මෙය වුව ද “අන්තර්කරණ අධ්‍යාපන ක්‍රමය” (Inclusive Education) යටතේ සමහර පාසල් එකම පංති කාමරය ඇතුළේ සිටින වෙනස් අවශ්‍යයතා සහිත දරුවාගේ අවශ්‍යයතාවය පරිදි සාමාන්‍ය දරුවෙකු මිතුරෙක් ලෙස මෙහෙයවන වැඩ පිළිවෙලක් සකසා ඇත.
කෙසේ නමුත් මෙහිදී වඩාත්ම වැදගත් කාරණයක් වන්නේ වෘත්තීය නොදන්නා නිලධාරිනිය එම ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ කරුණු නොදන්නේ කෙසේද යන්න දැන ගැනීමය.ඇය අධ්‍යාපන පරිපාලනයට ප්‍රවේශ වී ඇත්තේ කෙසේ ද යන්න මෙන්ම ඇය ගුරු ජීවිතයේ සිට ඇත්නම් ඒ මුළු කාලය තුළ, අධ්‍යාපන නීතිය යටතේ වැඩ නොකරන තත්ත්වයක් තුළ වෙනස් අවශ්‍යයතා සහිත දරුවන්ට කර ඇති අසාධාරණය කොපමණ විය හැකිද යන්න ගණනය කළ බැලීමය.
මෙහිදී ඉතාම පැහැදිළි වන තවත් කරුණක් වන්නේ පරිපාලනය කිරීම සඳහා යොදන සියලු නිලධාරීන්ට අධ්‍යාපන අමාත්‍යංශය හරහා වෙනස් අවශ්‍යයතා සහිත දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යයතා සඳහා රාජකාරීමය වශයෙන් සංවේදී විය හැකි ආකාරය සහ විභාග කටයුතුවලදී වැඩ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැණුමක් ලබා දී නැති බවය.ඒ සියල්ල දැනගෙන සිටියානම් දරුවෙක්ගේ අනාගතයට බලපාන පරිදි පහත් තීරණයකට එළැඹෙන්නට නිලධාරිනියට කටයුතු කරන්නට වන්නේ නැත.තමන්ගේ රාජකාරි සීමාව තුළ පැවරී ඇති සීමාවන් නොදන්නා නිලධාරි මෙන්ම සීමාවන් පිළිබඳ අවබෝධයක් ලබා නොදී රාජකාරි පවරා ඇති ක්‍රමයද දරුවෙක්ගේ අනාගතයට කර ඇති බරපතල හානිය වළක්වා ගන්නට කළ හැකිව ඇත්තේ දැන් එක දෙයකි.අධ්‍යාපන අමාත්‍යංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ අසාධාරණය වූ සිසුවාට සාධාරණයක් ලබා දීමය.
දන්නා තරමින් දරුවාගේ මව මේ වන විටත් පාසලේ විදුහල්පතිණිය මඟින් අධ්‍යාපන අමාත්‍යංශයට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇත.එහෙත් විභාගය පවතින මොහොතේම ඊට ඈදා මේ දරුවාගේ අතපසු වූ විෂය සම්බන්ධයෙන් කරන දේ තවමත් කියන්නට අධ්‍යාපන අමාත්‍යංශය සහ විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන නැත.සමහර විට සිය නිලයෙන් සමාන වූ නිලයෙන් හිතවත් වූ නිල පුටුවල රශ්නය දරුවාගේ ගැන සිතනවාට වඩා නිලධාරිනිය ගැන සිතන්නට ඇති ඉඩ වැඩිවීමේ හැකියාවක් බලධාරීන්ට තිබිය හැකිය.ඒ නිසා මේ රටේ විභාග ලියූ එක් දරුවෙක් පමණක් ලෙස සරලව සළකා ඒ විෂය ලබන අවුරුද්දේ පියවන්න වැනි දුර්ජන පිළිතුරක් ඒමට ද ඉඩ ඇත.එහෙත් මේ සිසුවෙක්ගේ ගැටළුවක් නොවේය.වෙනස් අවශ්‍යයතා සහිත දරුවන්ට අධ්‍යාපන අයිතිය අහිමි කිරීමට මැදිහත් වූ උද්ධච්ඡ නිලධාරිනියකගේ මැදිහත්වීමක්ය.මෙය බෝ වීමට සිසුවාගේ ඉල්ලීම නොසළකා හැරීම මෙන්ම නිලධාරිනිය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග නොගැනීම හේතු විය හැකිය.
සුහුරු අධ්‍යාපන ක්‍රමය මත ස්මාර්ට් වෙන ලෝකයට පිවිසෙන්නට හදන රටක තවමත් වෙනස් අවශ්‍යයතා සහිත ප්‍රජාව වදයක් ලෙස සළකන,ඔවුන්ගේ ඉගෙන ගැනීමේ අයිතියට ඇති පහසුකම් නොසළකා කටයුතු කරන නිලධාරීන් මෙන්ම විදුහල්පතිවරු සහ ගුරුවරු ද ඇත්නම් ඒ කරන්නේ සුහුරු වන්නට හදන අධ්‍යාපනය මත පැහැරීමක්ය.ඒ අසූචි කඳු සමඟ මේ පාරේ ගමන් කිරීම අපහසු වන බැවින් ඒවා ඉවත් කර අධ්‍යාපනය ඇතුළේ ස්මාර්ට් ආදරණිය මව්වරු සහ පියවරු ද සැමට සාධාරණය ද දරුවන් වෙනුවෙන් සකස් කිරීමට අධ්‍යාපන ක්‍රමය ශක්තිමත් සහ මානවීය ගුණයෙන් පොහොසත් එකක් කිරීම වටින්නේය.
ඕෂධ පුතුට සිඳු වූ අසාධාරණය නිවැරදි වීම,වෙනස් අවශ්‍යයතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙනස්ව සළකා බැලීමට සහ වෙනස්ව කටයුතු කිරීමට සමාජයට දැණුම දෙන කාර්යයක් වනු ඇත.ඒ නිසා මේ අසාධාරණයට ලක් වූ ඕෂධ පුතුට සාධාරණය ඉටුවීම ජාතික වගකීමක් වනු ඇත.