“නිර්පාක්ෂික සභා” පිහිටුවන්න දයාසිරිගෙන් යෝජනාවක්

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පළාත් පාලන ආයතන 269ක් ජයග්‍රහණය කර ඇති බවට ලොකු කතා කිව්වත් ඔවුන්ට බලය පිහිටුවීමට හැකියාව ලැබී ඇත්තේ ආයතන 116ක පමණක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

“මීට මාස හයකට කලින් ආණ්ඩුව ගත්ත ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 23කින් කඩාගෙන වැටිලා. මහා ලොකු කතා කිව්වට ප්‍රාදේශීය සභා 269ක් ජයග්‍රහණය කළායි කියලා, ඒකෙන් ඔවුන්ට පිහිටුවන්න හැකිවෙලා තියෙන්නෙ 116ක් විතර. ස්වාධීන කණ්ඩායම් විදියට අතිවිශාල ප්‍රමාණයක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ ස්වාධීන කණ්ඩායම්වල හිටපු අයව මේ ආණ්ඩුව සැලකුවේ හොරු විදියට. හැබැයි දැන් තමන්ගෙ සභාව පිහිටුවා ගැනීම සඳහා ඔවුන්ව පාවිච්චි කරන්න තමයි මේ අය බලාපොරොත්තු වෙන්නෙ. ඔවුන්ට විවිධ වරදාන, වරප්‍රසාද දෙන්න කතා කරලා තිබුණා. ඔවුන් තරම් පිරිසිදු ජාතියක් ලෝකෙ කොහෙවත් නෑ කිව්වා, එහෙම කියපු අයට දැන් සිද්ධ වෙලා තියෙනවා එදා හොරු, මංකොල්ලකාරයින් කියපු අයව තමන්ගෙ ප්‍රාදේශීය සභාවල බලය හදාගන්න පාවිච්චි කරන්න. අපි යෝජනා කරනවා මේ රටේ මිනිස්සුන්ට, මේ රටේ දේශපාලන පක්ෂවලට ඔබගේ පක්ෂයද, අර පක්ෂයද, මේ පක්ෂයද කියලා කල්පනා කරන්නෙ නැතුව ජාතික ජන බලවේගයට හදාගන්න බැරි සියලුම සභා අපි විපක්ෂයේ සියලුම කණ්ඩායම් එකතුවෙලා, මේ වෙලාවේ මේ සියලු දේශපාලන පක්ෂ කණ්ඩායම් හොරු මංකොල්ලකාරයො කියපු ජාතික ජන බලවේගයට එරෙහිව මේ සභා අපි හදමු. ඒවා නිර්පාක්ෂික සභා විදියට අපි හඳුන්වමු”

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පෙරේදා (මැයි 11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චිත්‍රාංගනී නමින් තිස්හත් වසරක් තිස්සේ නොපිපුණු රතු මල් ….

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා සහ නායකයා වූ රෝහණ විජේවීර...

Nvidia ආන්දෝලනයෙන් ඇමරිකානු වාණිජ ලේකම් හොවාර්ඩ් ලට්නික්ගේ ධුරයත් අවදානමක!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 13: Nvidia ඔත්තු බැලීමේ...

37 වෙනි ඉල්මහ විරුවන් සැමරේ!

කොළඹ LNW:37 වෙනි ඉල්මහ විරු සමරුව අදට (13) යෙදී...

සිනමා පසුබිම් ගායනයේ අමරණීය නාමය : “ජෝතිගේ” ජීවිත කතාව සිනමාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW: ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ...